brand logo

රටේ ඕනෑම ප්‍රශ්නයක් ගැන සෑම පක්ෂයක් සමඟම සාකච්ඡා කරන්න සුදානම් - මහින්ද

06 March 2019

ඒකාබද්ධ විපක්‍ෂයට අයත් පක්‍ෂ නායකවරුන් සමඟ ඊයේ සවස පැවති රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණ සමඟ අද දින පැවැත්වීමට නියමිත හමුව පිළිබදවද සාකච්ඡා විය. එහිදී විපක්‍ෂ නායකතුමා ප්‍රකාශ කර සිටියේ විපක්‍ෂ නායකවරයා වශයෙන් විපක්‍ෂයේ සිටින සෑම පක්‍ෂයක් සමඟම සාකච්ඡා කිරීම තමන්ගේ යුතුකමක් සහ වගකීමක් බවයි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීම පරිදි අද දින යෝජිත සාකච්ඡාව පැවැත්වෙන බවත් ටී එන් ඒ ඇතුළු වෙනත් විපක්‍ෂ කණ්ඩායම්ද ඉල්ලීමක් කළහොත් රටට වැදගත් ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය. අද දින ජනතා විමුක්ති පෙරමුණ සමඟ පැවැත්වෙන සාකච්ඡාවට මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මැතිතුමාද, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මැතිතුමාද සහභාගී වන බව විපක්‍ෂ නායකතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 

More News..