brand logo

රටේ ඇති වු දේශපාලන පෙරලියක් සමග එජාපය ශක්තිමත් වී ඇති බව නවීන් කියයි

09 December 2018

මේ රටේ ඇති වු දේශපාලන පෙරලියක් සමග එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වි ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පා.ම නවින් දිසානායක මහතා පැවසිය. මේ රටේ ඇති වු දේශපාලන පෙරලියත් සමගම එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වි ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම නවින් දිසානායක මහතා පැවසිය. නවින් දිසානායක මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ මස්කෙලිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩල රැස්විම අද(09) ගිනිගත්හේන හෝටලේ පැවති රැස්විම අමතමිණි. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු නවින් දිසානායක මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය ඇතැම් සමාජිකයන් කලකිරිමෙන් සිටියත් ඇති වු දේශපාලන පෙරලියත් සමග මත භේද පසකලා සියළු එක්සත් ජාතික පක්ෂිකයන් එකට එක් වි එක්සත් ජාතික පක්ෂය ශත්කිමත් කර ඇති බවයි. එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරිමට ක්‍රියාකල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිය ස්තුතිය පුද කරන බවද නවින් දිසානායක මහතා පැවසිය. යහපාලන රජයක් තුල මේ රටේ අධිකරණ පද්ධතිය ස්වාධින කර ශක්තිමත් කිරිම නිසා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ස්වාධිනව නිර්භයව තම නියෝග ලබාදෙන බවයි නවින් දිසානායක මහතා කියා සිටියේ. එක්සත් ජාතික පක්ෂය තුල නායකත්වය සදහා විවිධ නම් යෝජනා වි ඇති බවත්, තමන්ට සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා ඇතුළු ඕනැම අයෙකු සමග වැඩ කිරිමේ හැතියාවක් ඇති බවයි නවින් දිසානායක මන්ත්‍රිවරයා කියා සිටියේ. ඉදිරි සතිය තුල ශ්‍රේෂ්ඨාධිකරණ තිරණයත් සමග ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියට තැබු පය අඩියක් පස්සට ගෙන මේ රටේ ඉකුත් මස 26 පෙර තිබු පාලන තත්ත්වයට මේ රට ඇති කරන බවට තමන් තුල විශ්වාසයක් ඇති බවයි නවින් දිසානායක මහතා කියා සිටියේ. එක්සත් ජාතික පක්ෂයේ මස්කෙලිය බල මණ්ඩල රැස්විම එක්සත් ජාතික පක්ෂයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම කේ.කේ.පියදාස මහතා විසින් සංවිධානය කර තිබු අතර එම බල මණ්ඩල රැස්විමට පුත්තලම දිස්ත්‍රික් පා.ම හෙක්ටර් අප්පුහාමි(එජාප), බදුල්ල දිස්ත්‍රික් පා.ම.චමින්ද විජේසිරි(එජාප) , රත්නපුර දිස්ත්‍රික් පා.ම හේෂාන් විතානගේ (එජාප) යන මන්ත්‍රිවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් විශාල පිරිසක් සහභාගි වි සිටියා. හැටන් - රංජිත් රාජපක්ෂ  
 

More News..