brand logo

රටේ ආර්ථිකය ගැන වජිරගෙන් අනාවැකියක්

05 July 2020

පවත්නා දේශීය මෙන්ම ජ්‍යාත්‍යන්තර ආර්ථිකය හමුවේ ඉදිරියේ කුමන  ආණ්ඩුවක් පත් වුවද එම ආණ්ඩුව මාස හයක් තුල කඩා වැටෙන බවද එක්සත්  ජාතික පක්ෂයේ ඉලක්කය කඩා වැටෙන ආර්ථිකය නිවැරදි ඉලක්කයකට ගෙන  යාම බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක  වජිර අබේවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ අදහස් පැවසුවේ (04)හඉරාදුව මැතිවරණ කොට්ටාසයේ එක්සත් ජාතික පක්ෂ ආසන පල මණ්ඩල රැස්වීම අමතිමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේද පැවසීය. ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර වශයෙන් සහ දේශීය වශයෙන් රටක ආර්ථිකය හැසිරවීමට ක්‍රියා කල යුතුව තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ විශේෂයෙන් දෙවන ලෝක යුද්ධ්‍යට සමාන ආර්ථික කඩා වැටීමක් තියෙන අවස්ථාවක ලෝකේ ආර්ථික වර්ධන වේගය සීයට පහයි දශම දෙකක් දක්වා කඩාගෙන වැටිලා තියෙන අවස්ථාවක්. එවැනි අවස්තාවක දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ක්‍රියා කරපු ආකාරය දිහා බැලුවහම ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා දේශීය වශයෙනුත් ජ්‍යාත්‍යන්.තර වශයෙනුත් කල්පනා කරලා වැඩ කළ යුතුව තියෙනවා. ඉන් පිටත හසුරුවන්න ක්‍රමයක් නෑ. ඒ නිසයි අපි කියන්නේ මෙවැනි පාලන තන්ත්‍රයක් 1999- 2001 වකවානුවෙත් චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණියගේ රජය මාස හයකින් කඩාගෙන වැටුනා වගේ කුමන විදියට බලයට ආවත් ඒ පාලනය හය මාසෙකට වඩා වැඩිය පවත්වාගෙන යන්න බෑ. ආන්ඩුක්‍රම ව්‍යාවස්තාවේ කුමක් සඳහන් වුවද ඒ රාජ්‍ය පාලනය කඩා වැටීම වලක්වන්න බෑ. ඉදිරියේ නිර්මාණය වන ආන්ඩුව අනිවාර්ය යෙන්ම කඩන් වැටෙනවා ඒ සඳහා තියෙනවා ව්‍යාවස්තාවේ ආරක්ෂිත වගන්තියක්. ඒ ආරක්ෂිත වගන්තිය තිබියදී පවා සම්පූර්ණයෙන්ම පාලනය කරගත නොහැති ආර්ථික ඛේදවාචකයක් සිදුවෙලා තෙබන්නේ ගාල්ල දිස්ත්‍රික්කය ගත්තොත් මේ වන විට ජනගහනය ලක්ෂ දහතුනක් රැකියා අහිමි වෙච්ච ප්‍රමාණය ලක්ෂයකට ආසන්නයි. කොග්ගල 30000 වැඩ කරන තැන 8000 ක් බවට පත්වෙලා. ජාිතික ආන්ඩුවක් අවශය වන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙන්නේ ඒ කඩා වැටෙන මහා ආර්ථිකය නිවැරදි ඉලක්කයකට ගෙනියන්නයි.
 

More News..