brand logo

රටවල් 48 කට වීසා නිදහස් කිරීමෙන් මිලියන 6000 ක පාඩුවක්

28 December 2019

පාස්කු ප්‍රහාරයෙන් පසුව සංචාරකයන් රට තුළට ගෙන්වා ගැනීම සඳහා පසුගිය ආණ්ඩුව විසින් රටවල් 48 කට අදාළව ඉවත් කළ වීසා ගාස්තු නිසා රුපියල් මිලියන හයදහසක ආදායමක් අහිමි වී ඇති බව වාර්තා වේ. ඔස්ට්‍රියාව, ඔස්ට්‍රේලියාව, බල්ගේරියාව, චීනය ඇතුළු රටවල් 48 ක් වීසා ගාස්තුවලින් නිදහස් කිරීමට තීරණය කළේය. පසුගිය අගෝස්තු මාසයේ සිට එම රටවලින් පැමිණෙන සංචාරකයන්ගෙන් වීසා ගාස්තුද අයකිරීම නතර කළ අතර ගෙවුණු මාස හතරකට එම මුදල අහිමි වී ඇති බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් විමසීමට ආගමන, විගමන පාලක පසන් රත්නායක සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ විය. චමින්ද සේනාරත්න
 

More News..