brand logo

රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් තවදුරටත්

16 January 2022

වෙරළාසන්න ප්‍රදේශවල ජනතාවට දැනුම්දීමක්

රටවල් රැසකට නිකුත් කළ සුනාමි අනතුරු ඇගවීම් තවදුරටත් බලාත්මක කර තිබේ. ඒ, ටොංගා දූපතට බලපෑ සුනාමි තත්ත්වයත් සමගය.

ඒ අනුව නවසීලන්තය, අමෙරිකාව, ජපානය සහ ෆිජී සිය රටවල් විසින් එම රටවල ජනතාවට දන්වා ඇත්තේ වෙරළාසන්න ප්‍රදේශවලින් ඉවත් වෙන ලෙසය.

පැසිෆික් සාගරයේ පිහිටා ඇති දූපත් රැසක මුහුදු රළ ඉහළ යාම් ද වාර්තා වී තිබේ. එමෙන්ම ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයන්ට නිකුත් කළ සුනාමි අනතුරු ඇගවීමත් සමග වෙරළ තීර රැසක් වසා දමා ඇත. කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යම් අයුරකින් මීටර් 10 කට වඩා උස රළ නිරීක්ෂණය කළහොත් ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙසය.
 

More News..