brand logo

රටම කම්පා කරමින් වැලිකඩ අද වූ අමානුෂික ඝාතනය

25 September 2021

අලුයම් කාලේ වැලිකඩම සසල කරමින් ඇහුණු අදෝනාවේ කතාව

වැලිකඩ - රාජගිරිය ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවක් අද (25) අලුයම නිවස තුළදීම ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය පාරේ නිවසක තනිව ජීවත්වූ සිටි 71 හැවිරිදි අවිවාහක කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. මෙම කාන්තාව පදිංචිව සිටි නිවසින් අද අලුයම් කාලයේ කෑ ගසන හඬ ඇසීම නිසා ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු ඒ පිළිබඳ සොයාබලා තිබේ. එහිදී ඔවුන්ට දැකගැනීමට ලැබී ඇත්තේ අදාළ කාන්තාව නිවස තුළ ඝාතනය කර සිටින අයුරුයි. පසුව මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය දැනුවත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබේ. ඝාතකයින් සොයා ගැනීම සඳහා පොලිස් නිල සුනඛයෙකුගේද සහය ලබා ගෙන තිබේ.
 

More News..