brand logo

රටම ඉල්ලු ගෝඨා ජනතාව සමඟින් රට පුරා

11 August 2019

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සතියේ රටපුරා ආගමික,හා ජනහමු රැසකට එක්වන්නට නියමිතව ඇත. ඒ යටතේ, හෙට (12) සඳුදා රුවන්වැලිසෑය වන්දනා කිරීමට නියමිතව ඇත. 13 වන අඟවරුවාදා ශ්‍රි මහා බෝධිය,මිරිසවැටිය,ලංකාරාමය,අභයගිරිය,ජේතවනාරාමය,ජයන්තිපුර,මාතලේ ගල්කුලම,තිරප්පනේ,මරදන්කඩවල,කැකිරාව,මඩාටුගම,දිඩුලාගල,දඹුල්ල,නාවුල, මාතලේ,රත්තොට,අලවතුගොඩ ස්ථාන රැසකට යෑමට නියමිතව ඇත.අගෝස්තු 14 දින බදාදා ශ්‍රි දළදා මාළිගාව,මල්වතු අස්ගිරි නාහිමියන් බැහැ දැකීම,පුල්යාර් කෝවිල,මීරා මක්කම්, ගැටබේ ආදි ස්ථානවලට යෑමට නියමිතව ඇත. 15 වන බහස්පතින්දා දින මහනුවර කිරි වෙහෙර කතරගම ආදි ස්ථානවලට ගමන්කර ආගමික ආශිර්වාදය ලබා ගැණිම ද එක්වේ.16 වන දින සිකුරාදා දින අභයාරාමය,තිස්සමහාරාමය,හම්බන්තොට අම්බලන්තොට,අගුණකොළපැලැස්ස,ආගමික ස්ථාන රැසකට හා ජනතා හමු රැසකට එක්වන්ට නියමිතව ඇත. 17වන දින සෙනසුරාදා බෙලිඅත්ත,දෙවුන්දර,මාතර,හබරාදුව,ගාල්ල, ,සිනිගම,අම්බලන්ගොඩ,බෙන්තර,කළුතර ආදි ස්ථානවල ආගමික ස්ථාන හා මහජනතාව හමුවන්නට නියමිතව ඇත. 18 වන ඉරිදා ඉතුතෑපානේ ධම්මාලංකාර,පුජ්‍ය කටුගොඩ ධම්මාවාස,කාදිනල්තුමා ආදි ආගමික නායකයන් හමුවීමට නියමිතව ඇති බව, ශ්‍රි ලංකා පොදුජන පක්ෂ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. නිමල් අල්ගෙවත්ත
 

More News..