brand logo

රටපුරා සත්වෝද්‍යානවලට හෙට ඇතුළුවීම නොමිලේ

30 September 2022

ඇමති මහින්දගෙන් සත්වෝද්‍යාන වලට උපදෙස්

පාසල් දරුවන්ට සහ අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටියන්ට හෙට (01) සියලුම සත්වෝද්‍යාන වලට නොමිලේ ඇතුලු වීමට අවස්ථාව සළසා දී තිබේ. හෙටට යෙදී ඇති ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් මෙම අවස්ථාව හිමිවෙයි. කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ලබාදුන් උපදෙස්වලට අනුව මෙය සිදු කරනු ලැබේ. හෙට දිනයේ දරුවන්ට සතුන් පිළිබඳව අධ්‍යාපනික දැනුම ලබාදීමට අධ්‍යාපනික වැඩසටහන් රැසක්ද සංවිධාන කර ඇත. එසේම මෙහිදී සතුන්ට ආහාර දීමට සහ සතුන් සමඟ ඡායාරූප ගැනීමට ද අවස්ථාව ලැබේ.
 

More News..