brand logo

රටට හොරෙන් ගිවිසුම් ගහන්නේ නැහැ

20 January 2020

තම ආණ්ඩුව ජනතාවට හා පාර්ලිමේන්තුවට හොරෙන් කිසිදු ගිවිසුමක් අත්සන් නොකරන බව අගමැති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කරයි. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වෙයි. එක්සත් ජාතික පක්ෂයේ නව විපක්ෂ නායකවරයාත්, එජාප මන්ත්රීවරුනුත් දැන් නිතරම එම්.සී.සී. ගිවිසුම ගැන කතා කරති. එම්.සී.සී. ගිවිසුම ඉරා දැමිය යුතු බවත්, එම ගිවිසුම ක්රියාත්මක කිරීමට ඉඩ නොතබන බවත්, නව විපක්ෂ නායකවරයා ප්රසිද්ධ වේදිකාවේ කියයි. පසුගිය සතියේ විපක්ෂ නායකවරයා අතිපූජනීය මහා නාහිමිවරුන් ඉදිරියේද එම්.සී.සී. ගිවිසුම ඉරා දැමිය යුතු බව කියා සිටියේය. එජාපයේ සෙසු මන්ත්රීවරුන්ද ඊට සමාන ප්රකාශ කරයි. මේ ප්‍රකාශ අසා මම මවිතයට පත් වුණෙමි. වර්තමාන විපක්ෂ නායකවරයා මීට සති කිහිපයකට පෙර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායකයා වශයෙන් එජාප කැබිනට් මණ්ඩලයේ ප්රබල සාමාජිකයකු විය. ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී එම එජාප කැබිනට් මණ්ඩලය එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමට නිල වශයෙන්ද තීන්දු කළේය. එම ගිවිසුම ජනාධිපතිවරණයට කලින් අත්සන් කරන බවත් එවකට එජාප අගමැතිවරයා මාධ්යයට පවසා සිටියේය. එම අවස්ථාවේදී විපක්ෂ නායකවරයාව සිටි මම, ලිඛිත නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවට තරයේ පවසා සිටියේ පාර්ලිමේන්තුවට නොදන්වා, ජනතාවට මේ ගිවිසුමේ අන්තර්ගතය හෙළි නොකර, කිසිසේත්ම මෙය අත්සන් නොකළ යුතු බවයි. තවද ජනාධිපතිවරණයට දින ගණනක් තිබියදී මේ ආකාරයට විදේශීය රටක් සමග ගිවිසුමක් කඩිමුඩියේ අත්සන් කිරීම සදාචාර සම්පන්න නොවන බවද මම ඔවුන්ට පෙන්වා දුන්නෙමි. එම්.සී.සී. ගිවිසුම ගැන තීන්දුවක් ගැනීම ජනපතිවරණයෙන් පසුව, ජනවරම ලැබූ පාර්ශ්වය සිදුකළ යුතු බවද මම අවධාරණය කළෙමි. ඒ අවස්ථාවේදී එජාපයේ නියෝජ්ය නායකයා හා ප්රධාන කැබිනට් මණ්ඩල සාමාජිකයකු වූ වත්මන් විපක්ෂ නායකවරයා සිටියේ සම්පූර්ණයෙන්ම නිහඬවය. එජාපයේ ජනාධිපති අපේක්ෂයා වූ ඔහු අඩුම වශයෙන් ජනාධිපතිවරණ වේදිකාවේදීවත් එම්.සී.සී. ගිවිසුම ගැන වචනයක්වත් කියනු අපි අසා නැත. තමන්ගේ ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුම පාර්ලිමේන්තුවටත්, ජනතාවටත්, වසන් කර කඩිමුඩියේ අත්සන් කිරීමට සැරසෙද්දී වචනයකින්වත් එම ක්රියාදාමයට එරෙහි නොවී සිටි වත්මන් විපක්ෂ නායකවරයා, අලුතින් පත්වූ ආණ්ඩුවට එම්.සී.සී. ගිවිසුම ගැන දැනමුතුකම් කියමින් රට වටේම යයි. දේශපාලනයේදී අවම සදාචාරයක්වත් තිබිය යුතුය. එජාප ආණ්ඩුව ජනාධිපතිවරණයට දවස් ගණනක් තිබියදී අත්තනෝමතික ආකාරයට මේ ගිවිසුම අත්සන් කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේ, එය වැළැක්වීමට උඩුදුම්බර කාශ්යප ස්වාමීන් වහන්සේට උපවාස කිරීමට සිදුවූ හැටි අපට මතකය. එජපයේ සිටින වත්මන් විපක්ෂ නායකවරයාගේ පාර්ශ්වයේ ප්රබලම නායකයෙක් වන මංගල සමරවීර හිටපු මුදල් ඇමැතිවරයාත් මේ ගිවිසුම පාර්ලිමේන්තුවටත්, ජනතාවටත් වසන් කර කඩිමුඩියේ අත්සන් කිරීමට පක්ෂ විය.
 

More News..