brand logo

රටට බුදු දහමට ඇති ව තිබෙන ඉරණම ජනාධිපති හා හිටපු ජනාධිපතිගේ අවදානය යොමු කරන- අස්ගිරි මානාහිමියෝ

16 October 2018

රටට බුදු දහමට ඇති ව තිබෙන ඉරණම ජනාධිපති හා හිටපු ජනාධිපතිගේ අවදානය යොමු කරන- අස්ගිරි මානාහිමියෝ මේ කාලයේ අපේ රටට බුදු දහමට ඇති ව තිබෙන ඉරණම පිළිබදව වර්ථමාන ජනාධිපති හා හිටපු ජනාධිපති ඇතුඵ මැතිඇමතිවරුන් වහාම විශේෂ අවදානය යොමු කර බුදු දහම හා භික්ෂුන් වහන්සේලා ට ඇතිව තිබෙන කරදර පිලිබද අවදානය යොමු කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ශ්‍රි ඥණරතන නාහිමියෝ පැවසුහ. පූජ්‍ය ගොඩගම මංගල නායක ස්වාමින් වහන්සේ වෙත තායිලන්ත රජයෙන් ලැබුණු රාජකීය සම්මානය උන්වහන්සේ වෙත පිළිගැන්වීම වෙනුවෙන් ඊයේ (15) පස්වරුවේ මහනුවර අස්ගිරිය ශ‍්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ පැවති උත්සවයේ අනුසාසනාවක් කරමින් උන්වහන්වහන්මේ මෙි බව පැවසුහ. "අපේ රටේ බුදු දහමට බොහෝ උවදුරු උපද්‍රව,කරදර පැමිණිලා තියෙන කාලයක් , විශේෂයෙන් අපි සදහන් කරන්නේ මේ ජනාධිපතිවරුන් දෙපලට හා මැති ඇමතිවරුන්ට මේ රටේ බුදු දහමට අත්වෙලා තියෙන ඉරනමට රාජය අනුග්‍රහ, සැලකිම, රජයේ අවදානය යොමු කරලා කටයුතු කරන්න කියලා ඉල්ලනවා." යැයි උන් වහන්සේ පැවසුහ. ථේරවාදී බෞද්ධ දර්ශනය රැක ගනිමින් එහි වටිනාකම් ලෝකයට ගෙන යාමට කලාපයේ සියලූ රටවල් සමඟ එක්ව කැපවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපෂ මහතාද මේ අවථාවට එක්ව සිටියහ. පූජ්‍ය ගොඩගම මංගල හිමිපාණන් වහන්සේ මෙරට සිදුකරනු ලබන ජාතික, ආගමික හා ශාසනික සේවාව හා ජාත්‍යන්තර වශයෙන් ථේරවාදි බුදු දහම ව්‍යාප්ත කිරීම සඳහා ඉටු කරන සේවාව අගයමින් තායිලන්ත රජය මඟින් උන්වහන්සේ වෙත මෙම රාජකීය සම්මානය පිරිනමා තිබේ. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ ගොඩගම මංගල ස්වාමින් වහන්සේ වෙත ලැබුණු මෙම සම්මානය උන්වහන්සේ ලද ගෞරවයක් සේම රටට ද ලැබුණු විශාල ගෞරවයක් බවයි. ධර්මධර, විනයධර උගත් ස්වාමින් වහන්සේ නමක් ලෙස පූජ්‍ය ගොඩගම මංගල හිමිපාණන් වහන්සේ ඉටුකරන ශාසනික සහ ආගමික මෙහෙවර මෙහිදී ජනාධිපතිතුවරයාගේ ඇගැයීමට ලක් විය.
 

More News..