brand logo

රටට අවශ්‍ය එළවළු හා පලතුරු හදුනා ගන්න සංගණනයක්

02 June 2021

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රටේ එළවළු, පලතුරු අවශ්‍යතාව නිල වශයෙන් හදුනාගැනිමට හෙට (03) හා අනිද්දා (04) දෙදින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය මුල්කරගෙන කඩිනම් සංගණනයක් පැවත්වේ. එළවළු පලතුරු ආර්ථිකයට රැගන එන ගොවීන් හදුනාගැනිමත්, එහිදි ගොවීන්ගේ පදිංචි ප්‍රදේශය වගා කරන භූමි ප්‍රමාණය, වගාකරන එළවළු පලතුරු වර්ග පිලිබදව සංගණනයක් කිරිමට නියමිතවේ. මේ අන්දමින් දඹුල්ල ආර්ථිකය ට පැමිණෙන වෙළෙඳුන් පිළිබඳවත් තොරතුරු එකතු කිරිමට යොජිත අතර එහිදි වෙළෙඳුන් පැමිණෙන, ප්‍රදේශ පැමිණෙන දින ගණන සාමාන්‍යයෙන් රැගන යන එළවළු පලතුරු වර්ග ප්‍රමාණයන් පිලිබද තොරතුරු ගැනිමට නියමිතය. ගොවින්ට අමතරව ආර්ථිකයට එළවළු පලතුරු තොග සපයන වෙළෙඳුන් පිළිබඳව ද සංගණනය කිරිමට නියමිතය. හෙට පාන්දර 2 සිට අනිද්දා මධ්‍යම රාත්‍රී 12වන තෙක් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යෂ්ථානය විවෘතව තැබිමට නියමිත අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් වෙළදාම් සිදුකිරිමට ගොවින්ටත් නිෂ්පාදන විකිණීමට හා, තොග හා ජංගම වෙළදුන්ට ගොවි නිෂ්පාදන මිලදිගැනිමට අවස්ථාව ලබාදිමට නියමිත අතර ආර්ථිකයට ඇතුළුවන සියලුදෙනාම කෘෂිකර්ම අමාත්‍යංශය හා දඹුල්ල ආර්ථික මධ්‍යෂ්ථාන කළමනාකරණ භාරය එක්ව සිදුකරන මෙම සංගණනයට යොමුකරගන්නා බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා පවසයි. මහින්ද උදයසිරි දඹුල්ල
 

More News..