brand logo

රටටම සෙත්පතා අද සිට දින 7ක් සියලු විහාරස්ථානවල ආශිර්වාද පූජා

01 April 2020

කොරෝනා වෛරසයෙන් රට ආරක්ෂා කර ගැනීම සදහා අද සිට දින 7 ක් දිවයිනේ සියලු විහාරස්ථානවල රාත්‍රී 7 සිට 8 දක්වා කාලය තුළ ආශිර්වාද පූජා පැවැත්වේ. ත්‍රෛනිකායික මහනාහිමිවරුන් කළ දැනුම්දීමකට අනුව මෙම ආශිර්වාද පූජා අද සිට පැවැත්වීමට නියමිතව තිබේ. රජයේ උපදෙස් පිළිපදිමින් නිවසේ සිටම මෙම ආධ්‍යාත්මික වැඩසටහන සමඟ සම්බන්ධවන ලෙස උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. අදාළ කාල සීමාව තුළ සියලු විහාරස්ථාවල ඝාණ්ඨාර නාද කර, ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පන්සිල් සමාදන් කළ යුතු වේ. අනතුරුව බුද්ධ වන්දනාව සිදුකර රතන සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය ඇතුළු පිරිත් දේශනා කර රටවැසියන්ට සහ ලෝකවාසීන්ට නීරෝගීභාවය මෙන්ම ජීවිතාරක්ෂාව පතා සත්‍යක්‍රියා සිදුකළ යුතුයි. එකම වේලාවකට ආරම්භ කරන ආශිර්වාද පූජා, එකම වේලාවකට අවසන් කර රාත්‍රී 7 55 පමණ වන විට සත්‍යක්‍රියාව සිදුකළ යුතු වේ.
 

More News..