brand logo

රටටම තොරතුරු ලබාදෙන රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවියේ අසත්‍ය තොරතුරු

13 February 2019

මෙරට ජනතාව මෙන්ම විදේශයන් හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් හට රාජ්‍ය තොරතුරු ලබාගැනීමට තිබෙන නිල වෙබ අඩවිය රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවියයි. වගකීමක් සහිතව නිවැරදි තොරතුරු ලබාදෙන රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ මේ වන විට දත්තයන් වැරදි ඒවා බවට පත්වෙමින් තිබෙනවා. උදාහරණයක් ලෙස රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවිය හරහා විදේශ කටයුතු අමාත්‍යංශය යනුවෙන් සෙවීමක් කළ විට ඉන් ලබාදෙන තොරතුරු ඉතාමත් අසත්‍ය වේ. විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අකුරෙන් ගරු මංගල සමරවීර මැතිතුමා යනුවෙන් සදහන් කර ඇති අතර, ඊට අදාළ ඡායාරූපයේ සිටින්නේ තිලක් මාරපන මහතායි. වත්මන් ආණ්ඩුවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කටයුතු කරනු ලබන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසයි. එමෙන්ම තිලක් මාරපන මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලබනවා. රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවියට අනුව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අකුරෙන් ගරු. (ආචාර්ය) හර්ෂ ද සිල්වා මැතිතුමා ලෙස පෙන්නුම් කර ඇති අතර, ඊට අදාළ ඡායාරූපයේ සිටින්නේ වසන්ත සේනානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි. හර්ෂ ද සිල්වා මහතා වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබනවා. එමෙන්ම රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවියට අනුව විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ලෙස අකුරින් චිත්‍රාංගනී වාගීශ්වර මහත්මිය ලෙස පෙන්නුම් කරන අතර, ඊට අදාළ ඡායාරූපයේ සිටින්නේ ප්‍රසාද් කාරියවසම් මහතායි. මෙවැනි අසත්‍ය තොරතුරු ලබාදීම හරහා රටේ සමස්ත ජනතාවම රැවටීමට ලක්වන අතර, ඉන් සිදුවන අපහසුතාවය ගැන රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ නිලධාරීන්ට කිසිදු වගක් නොමැති බව පෙනෙන්නට තිබෙනවා. මේ සම්බන්ධයෙන් අප 1919 දුරකථන අංකයට අමතමින් විමසූ විට ඊට පිළිතුරු දුන් නිලධාරිනියක් කියා සිටියේ වෙබ් අඩවිය තවමත් යාවත් කාලීන කරමින් පවතින බවයි. වත්මන් ආණ්ඩුව බලයට පත්වී කොතරම් කාලයක් ගත වනවාද ? මේ වන තෙක් ඔවුන් එම තොරතුරු යාවත් කාලීන කරමින් ද පවතින්නේ, මේ බරපතල ගැළුවක් බවට බැලූ බැල්මට පෙනෙන්නට තිබෙනවා. ලේකම්
 

More News..