brand logo

රජරට විශ්ව විද්‍යාලයේ පීඨ 4ක් දින නියමයක් නොමැතිව වසා දැමේ

03 November 2019

රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් අතර පැතිර ගිය වෛරස් උණ රෝගයක් හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ පීඨ හතරක් දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලන අධිකාරිය විසින් පියවර ගෙන ඇත. මිහින්තලය පරිශ්‍රයේ පිහිටා ඇති ව්‍යවහාරික විද්‍යා පීඨය,කළමනාකරණ පීඨය,සමාජ විද්‍යා හා මානව ශ්‍රාස්ත්‍ර පිඨය හා තාක්ෂණ විද්‍යා පීඨ හතර මෙසේ වසා දමා ඇත. රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් අතර සති කිහිපයක් තිස්සේ පැතිර ගිය වෛරස් උණ හේතුවෙන් සිසුන් රැසක් රෝගතුරව ප්‍රතිකාර ලබා ඇති අතර උණ රෝගය නිසා බරපතල ලෙස රෝගතුරවු සිසුවියක් පේරාදේණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව එහිදි මියගොස් ඇති බව පාලන අධිකාරිය සදහන් කළේය.
 

More News..