brand logo

රජය සතු වාහන කාබන් බද්දෙන් නිදහස් කර නැහැ - මුදල් අමාත්‍යංශය

17 January 2019

2018 අයවැය මගින් සම්මත කරනු ලැබූ කාබන් බද්ද, 2019 ජනවාරි මස සිට සියළුම වාහන සඳහා ක්‍රියාත්මක වන අතර රජයේ සියළු වාහන ද මෙම බද්දට යටත් වන බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා. මෙම බද්දෙන් නිදහස් කරනු ලැබ ඇත්තේ විදුලි බලයෙන් ක්‍රියාත්මක කරනු ලබන වාහන පමණක් බවයි එම අමාත්‍යංශය සදහන් කරන්නේ. රජය සතු වාහන මෙම කාබන් බද්දෙන් නිදහස් කර ඇතැයි යනුවෙන් ඇතැම් මාධ්‍යවල පළවූ වාර්තාවේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා. රජය විසින් නිකුත් කරනු ලැබූ 2018 අංක 35 දරන මුදල් පනත යටතේ මෙම බද්ද ස්ථාපිත කර තිබෙනවා. සෑම මෝටර් රථයක්ම ලියාපදිංචි කරනු ලබන පළමු වර්ෂයේදී හැර වාර්ෂිකව ආදායම් බලපත්‍රය අලුත් කරනු ලබන අවස්ථාවේ මෙම බද්ද අය කරනු ලබනවා. වාහනයක එන්ජින් ධාරිතාවය පදනම් කරගෙන ඝන සෙන්ටිමීටරයක් සඳහා කාණ්ඩ තුනක් යටතේ වාර්ෂිකව මෙම බද්ද පහත වගුවේ දැක්වෙන පරිදී අය කරගනු ලබනවා. මගී ප්‍රවාහන බස්රථ සඳහා වාර්ෂික ස්ථාවර ගාස්තුවක් ලෙස මෙම කාබන් බද්ද අයකරනු ලබන අතර වසර 5ට අඩු බස්රථ සදහා රුපියල් 1000/-ක්ද, වසර 5-10ත් අතර පැරණි බස්රථ සඳහා රුපියල් 2000/-ක්ද, වසර 10කට වඩා පැරණි බස්රථ සඳහා රුපියල් 3000/-ක් වන පරිදී බදු ගෙවිය යුතු වනවා.
 

More News..