brand logo

රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩලයට බෝනස් ලබාදීමට භාණ්ඩාගාරයේ අනුමැතිය

12 December 2019

රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ පූර්ණ වශයෙන් රජය සතු රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩල වලට 2019 වසර සඳහා ප්‍රසාද දීමනා ලබාදීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලැබී ඇත. සියලු අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් සහ රජයේ සියලු ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරය විසින් මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර ප්‍රසාද දීමනා ගෙවීමට සුදුසුකම් ලබන ආයතන එහි 2018 ගිණුම් වසරේ මූල්‍ය වාර්තා පදනම් කරගෙන පසුගිය වසරේ ලබාදුන් ආකාරයට සියලු කාර්ය මණ්ඩලය වෙත 2019 වසර සඳහා ප්‍රසාද දීමනා ගෙවන ලෙස වැඩිදුරටත් උපදෙස් දී ඇත. මේ සඳහා 2018 දෙසැම්බර් මස 07 වන දින නිකුත් කරන ලද රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අංක 03/2018 යන චක්‍රලේඛය අදාළ පරිදි වලංගුවෙයි.
 

More News..