brand logo

රජය විවේචනය කරන රාජ්‍ය සේවකයන්ට වැඩ වරදියි

10 April 2022

බුකියේ රජයට එරෙහි වන රාජ්‍ය සේවකයන්ට ලිපි

සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් රජය සහ රාජ්‍ය ප්‍රතිපත්ති විවේචනය නොකිරීමට කටයුතු කරන ලෙස දන්වා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ලිපියක් නිකුත් කර තිබේ. සංවර්ධන නිලධාරියෙක් වන එම්.ආර්.ජයසිංහ මහත්මිය හට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක් යටතේ ලිපියක් නිකුත් කරමින් මහනුවර දිසාපතිවරයාද වන ඔහු පවසන්නේ මින් ඉදිරියට සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන ආකාරයට කටයුතු නොකිරීමටත්, රජයේ ප්‍රතිපත්ති විවේචනය නොකිරීමටත් අවවාද කරන බවයි. මින් ඉදිරියට එලෙස කටයුතු කළහොත් ආයතන සංග්‍රහයේ XLVII  පරිච්ඡේදය අනුව කටයුතු කරන බවට ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර තිබේ. 278215325 10224230320098772 7662437582627998087 n 711x1024 1
 

More News..