රජය විවේචනය කරන රාජ්‍ය සේවකයන්ට වැඩ වරදියි
10 April 2022
රජය විවේචනය කරන රාජ්‍ය සේවකයන්ට වැඩ වරදියි
10 April 2022
බුකියේ රජයට එරෙහි වන රාජ්‍ය සේවකයන්ට ලිපි
සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් රජය සහ රාජ්‍ය ප්‍රතිපත්ති විවේචනය නොකිරීමට කටයුතු කරන ලෙස දන්වා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ලිපියක් නිකුත් කර තිබේ. සංවර්ධන නිලධාරියෙක් වන එම්.ආර්.ජයසිංහ මහත්මිය හට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක් යටතේ ලිපියක් නිකුත් කරමින් මහනුවර දිසාපතිවරයාද වන ඔහු පවසන්නේ මින් ඉදිරියට සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන ආකාරයට කටයුතු නොකිරීමටත්, රජයේ ප්‍රතිපත්ති විවේචනය නොකිරීමටත් අවවාද කරන බවයි. මින් ඉදිරියට එලෙස කටයුතු කළහොත් ආයතන සංග්‍රහයේ XLVII පරිච්ඡේදය අනුව කටයුතු කරන බවට ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර තිබේ.