brand logo

මත්කුඩු පාලනය කිරීමේ රජයේ වැඩපිළිවෙල ගැන සතුටුයි

22 September 2020

මෙරට තුළ මත්කුඩු පාලනය කිරීම සදහා රජය ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සතුටු විය හැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සදහන් කරයි. කාදිනල් හිමිපාණන් මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාව කොළඹදී පැවැත් ව  ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. එහිදී උන්වහන්සේ පැවසුවේ ගංජා ව්‍යාපාරය මෙරට තුළ නීතිගත කිරීමට හෝ පවතින නීති ලිහිල් කිරීමට හෝ කටයුතු නොකරන ලෙසට දේශපාලන නායකත්වයෙන් ඉල්ලා සිටින බවයි. එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්.... ගංජා වැවීමේ ප්‍රවණතාවයට යම්කිසි අවසරයක් ලබාදිය යුතු යැයි මතයක් ගොඩනැගීගෙන ඇවිත් තියෙනවා. සමහරක් ඇමතිවරුන් පවා ප්‍රකාශ කරනවා අපි දැක්කා. ජාත්‍යන්තර සංවිධාන, තානාපති කාර්යාලය සමග සාකච්ඡා කරනවා බව අපිට දැන ගන්නට ලැබුණා. අපි එක්තරා විදිහකට කණස්සල්ලට පත්වුනා ඇයි මේ එක ව්‍යවසනයක් තුරන්කරන්නට දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින වෙලාවේ ඒ හා සමානවම වගේ දැඩි භයානක තත්ත්වයකට අපේ තරුණ පරපුර ඇදදමන්නට ක්‍රියාකරමින් සිටින්නේ කියලා.
 

More News..