brand logo

රජයේ වෛද්‍ය නිලධාරීන් වර්ජනයකට සූදානම් වෙයි

14 July 2019

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අනුමැතියකින් තොරව පශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තුව ප්‍රකාශයට පත්කිරීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගතහොත් වැඩ වර්ජනයක නිරත වන බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි. ඔහු සදහන් කළේ පශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තුව ප්‍රකාශයට පත්කළ මොහොතේ පටන් දිවයින පුරා වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව පසුගිය සිකුරාදා දිනයේ රැස්වී මේ පිළිබදව සාකච්ඡා කළ අතර, එහිදී එකගතාවයකට පැමිණි බව ද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..