brand logo

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහින්ද හමුවෙයි

07 March 2019

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී අද දින (07) හමු වි ඇත. මෙම හමුවේදී කිරිපිටි, පාන්පිටි සහ ආනයන පළතුරු පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විපක්ෂ නායකතුමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම දැනුම්වත් කර ඇති අතර වෛද්‍ය නිලධාරීන්ගේ වැටුප් විෂමතා, වෘත්තීය ගැටලු පිළිබඳවද ඔවුහු කරුණු ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි. රටට උචිත ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් තීරණය කිරිමේ වගකීම මේ ආණ්ඩුව පැහැර හැර ඇති බැවින් ඒ පිළිබඳව විපක්‍ෂයේ අවධානය යොමු කරන ලෙසද වෛද්‍ය සංගමය ඉල්ලා සිට ඇත. අනෙකුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟද සාකච්ඡා කොට වෛද්‍ය සංගමය ඉදිරිපත් කළ කරුණු පිළිබඳව සොයාබලා සුදුසු කටයුතු සිදු කිරීමට කටයුතු කරන බවට විපක්ෂ නායකතුමා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත දන්වා සිටියේය.
 

More News..