brand logo

රජයේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

18 May 2021

රජයේ වෙබ් අඩවි 4 කට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය , විදුලිබල මණ්ඩලය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ රජරට විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිවලට මෙලෙස සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇති බව මීගස්මුල්ල මහතා පවසයි. ඉන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විදුලිබල මණ්ඩල වෙබ් අඩවි මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇති අතර මෙහිදී දත්ත සොරා ගැනීමක් සිදුව නැතත් දත්ත විකෘති කිරීමක් සිදුකර ඇති බව මීගස්මුල්ල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..