brand logo

රජයේ වෘත්තිය සමිති 17ක සමාජිකයින් අද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක

04 September 2019

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි. වෘත්තිය සමිති 17ක සමාජිකයින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව එහි ලේකම් එච්. එල්. උදයසිරි මහතා ප්‍රකාශ කළේය. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය, ආයුර්වේද, සැලසුම් කළමනාකරණය, මිනින්දෝරු, අධ්‍යාපන පරිපාලන, දේශීය ආදායම්, කෘෂිකර්ම සේවයේ කටයුතු, විද්‍යාත්මක සේවාවන්, ඉන්ජිනේරු සේවාවන් ඇතුළු සේවා රැසක කටයුතුවලට බලපෑම් එල්ල වන බව ද ඔහු ප්‍රකාශ කළ අතර ගැටලු පිළිබඳ කිසිදු වෘත්තිය සමිතියක් මෙතෙක් සාකච්ඡා කර නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය.
 

More News..