brand logo

රජයේ විභාග අපේක්ෂකයින්ට ඝනක යන්ත්‍ර භාවිතයට අවසර

13 February 2020

රජයේ විභාගවලට පෙනී සිටින අපේක්ෂකයින්ට ඝනක යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබාදිමට රජය තීරණය කර ඇතැයි අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ තෝරාගත් විභාග සඳහා මෙම අවසරය ලබාදීමට තීරණය කර ඇති බවයි. අත්හදාබැලීමක් ලෙස මේ මස 16 වන දින ආරම්භ කරන ගණකාධිකරණ විභාගයෙන් මෙම ඝනක යන්ත්‍ර භාවිතා කිරීම ආරම්භ කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
 

More News..