brand logo

රජයේ විධායක නිලධාරීන්ට ලබන 1වැනිදා සිට රුපියල් 15,000ක විශේෂ දීමනාවක්

08 December 2019

රජයේ විධායක නිලධාරීන්ට ලබන 1 වැනි දා සිට රුපියල් 15,000 ක විශේෂ දීමනාවක් ලබාදීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ සඳහා වන චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කරන බව එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය විසින් ඔවුන් සඳහා රුපියල් 15,000 ක විශේෂ දීමනාවක් ලබාදීමට අනුමැතිය ලබා දුන් අතර එම දීමනාව එලෙස ජනවාරි 1 වැනි දා සිට ලබාදෙන බව සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
 

More News..