brand logo

රජයේ මැණික් ෆාම් ගොවිපොළේ ගිණුමෙන් කෝටි 13ක් අතුරුදන්

04 February 2019

ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය යටතේ පාලනය වන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැණික් ෆාම් ගොවිපොළේ 2016 වර්ෂයේ ගිණුම්වල පමණක් රුපියල් ලක්ෂ 1356ක හිඟයක් පවතින බව කෝප් කමිටුව හෙළිකර ගෙන තිබේ. 2015 වර්ෂයේ රුපියල් දෙකෝටි හැටනව ලක්ෂ අටදහස් තුන්සිය හැටදෙකක් ලාභයක් ලබා 2016 වර්ෂයේදී දහතුන් කෝටි පනස් හය ලක්ෂ දහතුන් දහස් හාරසිය අනූහතක අලාභයක් පෙන්නුම් කරන බව සඳහන් වේ. එසේ 2016 සිදුවූ බව කියන අලාභය සම්බන්ධයෙන් ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය සමග සම්බන්ධ වී කෝප් කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නිර්දේශ කර ඇතත් එය සිදුවී නොමැත. චමින්ද සේනාරත්න
 

More News..