brand logo

රජයේ පුරාජේරුව විතරයි- කිරිඇල්ල

08 July 2020

වත්මන් රජයේ බොරු පුරාජේරු මිසක කල දෙයක් නොමැති බවත්  රජයට මැතිවරණ සටන් පාඨ නොමැති බවත් ජාතික සමගි බල වේගය  කණ්ඩායම් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කරයි . මහනුවර පවතී ජන හමුවක් (08) අමතමින් ඒ මහතා ඉහත අදහස් පල කළේය . කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ කුරුණෑගල   ප්‍රදේශයේ කිලෝමීටර් තුනක දුරක වැඩ අවසන් කළහොත් මහනුවර  සිට කොළඹ යන ජනතාවට පැය දෙකක කාලයක් ඉතිරි වන බවත්   වත්මන් රජය මෙම ඉදිකිරීම් ප්‍රමාද කිරීම මහනුවර ජනතාවට සිදු කරන බලවත් අසාධාරණයක් බවත් ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි. පසුගිය යහපාලන රජය විසින් අභියෝග රැසක් මැද කොළඹ මහනුවර  අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් තිස් අටක දුරක වැඩ අවසන් කළද  වත්මන් රජය බලයට පත්ව වසරක කාලයක් ගත වුවද මෙම මාර්ගයේ  අගලක්වත් ඉදිකිරීමට නොහැකි වීම ගැන ජනතාව අප්‍රසාදය පල කරන  බවද කිරිඇල්ල මහතා කියයි.. මෙම මාර්ගයේ අදාළ කිලෝමීටර් තුනක කොටස ඉදිකළහොත් මහනුවර   සිට කොළඹ යන ජනතාවට දැඩි කුරුණෑගල ,හරහා ගොස් කටුනායක  කොළඹ අධිවේගී මාර්ගය ඔස්සේ   වාහන තද බද සහිත නගර රැසක් මග හැර පැය දෙකහමාරක් වැනි කෙටි කාලයකදී කොළඹට ළගා විය හැකි බවද කිරිඇල්ල මහතා පෙන්වා දෙයි. තම රජය පාලන කාලයේ මෙම අධිවේගී මාර්ගය සදහා පවරා ගත් ඉඩම්  කට්ටි විසිදහසට පමණ වන්දි මුදල් ලබා දී ඉදිකිරීම් කටයුතු කඩිනමින්  සිදු කළද ආණ්ඩු මාරුවත් සමග එම සංවර්ධන කටයුතු ඇණ හිටි බව  පවසන ලක්ෂමන් කිරිඇල්ල මහතා වත්මන් රජය කයිවාරු ගසමින් සිටිනවා හැර ජනතාවට වැදගත්  මෙම මාර්ගයේ ඉදිකිරීම් ගැන ඇහැක් ඇර නොබලන බවදඒ මහතා පවසයි . සහෝදර සමගම විසින් සෑම සංවර්ධන කටයුත්තක්ම සිදු කළේ දකුණු  පලාතට බවත් ,මධ්‍යම පළාතට සැම විටම ලැබුනේ කුඩම්මාගේ සැලකිල්ලක් බවත් හෙතෙම වැඩි දුරටත් පැවසිය . කමල් සුරවීර මහනුවර
 

More News..