brand logo

රජයේ පරිපූරක උත්සව ණය ගැන NSB ප්‍රධාන කාර්යාල දන්නේ නැතිලු

18 December 2020

රජය ප්‍රකාශයට පත් කළ පරිපූරක උත්සව ණය ලබා ගැනීමට ජාතික ඉතිරි කිරීමේ ප්‍රධාන කාර්යාලයට ගිය අයදුම්කරුවන් දැඩි අපහසුතාවයට පත්වී ඇත. රජය ප්‍රකාශයට පත් කළ ණය ලබාගත හැකි බැංකු වූයේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවයි. මෙම ණය ලබා ගැනීමට NSB මූලස්ථානයට ගිය අයදුම්කරුවන්ට බැංකු නිලධාරීන් පවසා ඇත්තේ තමන් මේ ගැන නොදන්නා බවත්, ණය දීම අත්හිටුවා ඇති බවත් තුන්වැනි මහලේ ණය අංශ වෙත යන ලෙසය. NSB මූලස්ථාන තුන්වැනි මහලේ ණය අංශයට ඇතුළුවීමට නොදෙන අතර, එතැන ඇති විමසීම් කවුළුවෙන් ණය ගැනීමට ඇමතුමක් දුන්විට අයැදුම්කරුවන්ට දැන ගැනීමට ලැබී ඇත්තේ එවැනි ණය යෝජනා ක්‍රමයක් ගැන තමන් දැනුවත් කොට නොමැති බවය. සවස 3වන තෙක් බලා සිටි අයැදුම්කරුවන් නිවෙස් බලා පිටත්ව ගොස් ඇත්තේ බලාපොරොත්තු කඩ කර ගැනීමෙන් පසුවය. වජිර ලියනගේ
 

More News..