brand logo

රජයේ නිලධාරීන්ට කොවිඩ් සම්භන්ධ නිවේදනයක්

28 October 2020

රජය මගින් ක්‍රියාත්මක කොවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ වැඩසටහන් හා සමගාවීව අනෙකුත් රාජ්‍ය සේවාවන් ද බාධාවකින් තොරව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය පැනනැගී ඇත.රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කරයි. නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරන්නේ පවතින තත්ත්වය පිළිබඳ අවධානය යොමුකොට කැපවීමෙන් යුතුව තමන්ගේ රාජකාරී උපරිමයෙන් ඉටුකිරීමට සියලු රජයේ නිලධාරීන් අවධානය යොමුකළ යුතු බවයි තවද කොවිඩ් පාලනය සඳහා රජයේ ආයතන ප්‍රධානීන් විසින් අනුගමනය කළ යුතු උපදෙස් අතුළත් කරමින් ජනාධිපති ලේකම් විසින් නිතුක් කළ 2020 අප්‍රේල් මස 15 වැනි දිනැති අංක PS/GPA/චක්‍රලේඛන/20/2020 චක්‍රලේඛය සහ 2020 මැයි මස 14 දිනැති අංක PS/GPAචක්‍රලේඛන/21/2020 චක්‍රලේඛය වෙත අවදානය යොමුකර එම චක්‍රලේඛයන්හි සඳහන් උපදෙස් පරිදි නිලධාරීන් සේවයට කැඳවීම සහ ආයතන පවත්වාගෙන යාම කළ යුතු බව ඔහු පවසයි. "එකී චක්‍රලේඛයන්හි සඳහන් පරදි රජයේ නිලධාරීන්ගේ සහ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු සියලු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවද මෙයින් දන්වා සිටිමි,“ යනුවෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරනවා.
 

More News..