brand logo

රජයේ එදිනෙදා වියදමට ඩොලර් මිලියන 500ක ණයක්

19 June 2020

දේශීය බැංකු, දේශීයව ක්‍රියාත්මක විදේශීය බැංකු සහ මූල්‍ය ආයතනවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන පන්සියයක ණය මුදලක් ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශය සූදානම්වේ. 2020 වර්ෂය සඳහා රජයේ එදිනෙදා මුදල් අවශ්‍යතා වෙනුවෙන් මෙලෙස ලබා ගන්නා ණය මුදල් යෙදවීමට බලාපොරොත්තු වන බවත් ජූලි 17 වැනිදා සිය වෙබ් අඩවිය ඔස්සේ අදාළ ණය යෝජනාවලිය ප්‍රසිද්ධ කරමින් මුදල් අමාත්‍යාංශය දැනුම් දී ඇත. එම දැනුම්දීමට අනුව මූලික මූල්‍ය අනුපාතයන්ට වඩා අඩු අන්තර් බැංකු පොලී අනුපාතයන් යටතේ කාරක ප්‍රාග්ධනය (එනිනෙදා වියදම්) රැස්කර ගැනීම සඳහා මෙම ණය ලබා ගැනීමට අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම යෝජනාවලියට අනුව 2020 ජූනි 15 වැනිදා වන විට අඛණ්ඩව වසර පහකට නො අඩු කාලයක් තුළ ලොව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ ආයතනවල (මූඩීස්/ෆිච්) ධනාත්මක ශ්‍රේණිගත කිරීම් ලබා ඇති විදෙස් සහ දේශීය බැංකු මෙන්ම මූල්‍ය ආයතන මුදල් අමාත්‍යාංශයට මෙම ණය නිකුත් කිරීමට සුදුසුකම් සපුරන ආයතන වේ. අදාළ බැංකු සහ මූල්‍ය ආයතන විසින් තමන් යෝජනා කරන පොලී අනුපත සහිත යෝජනාවලිය 2020 ජුනි 30 වැනිදා පස්වරු 1.00ට පෙර මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යුතුය. යෝජනා ඉදිරිපත් කරන පාර්ශ්වයන්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන පනහේ ගුණකාරකවලින් ණය ලබාගනු ලබන අතර ආපසු ගෙවීම් එක්වර හෝ වාරික වශයෙන් සිදු කරනු ඇත. නයන තරංග ගමගේ
 

More News..