brand logo

රජයේ ආයතන 9ක බිලියන විසිදහසක වංචා

08 June 2019

යහපාලන ආණ්ඩුව සමයේ සිදුවූ වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසම මගින් පරීක්ෂණ පැවැත්වූ ආයතන නවයක (09) පමණක් රුපියල් බිලියන විසිදහසකට ආසන්න වංචා දූෂණ හෙළි කර ගෙන ඇත. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද විමර්ශනවලදී මේ බව හෙළිව තිබේ. ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මහපොළ භාරකාර අරමුදලින් රුපියල් මිලියන විසිතුන්දහසක් ද මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශකයින් පනස් හය දෙනකු හා සම්බන්ධීකරණ නිලධාරීන් අනූහතර දෙනකුට මසකට රුපියල් අනූදහස බැගින් රුපියල් ලක්ෂ තුන්දහස් දෙසීය හතළිහක මුදලක්ද ගෙවා ඇත. 2015 වර්ෂයේ සිට වසර දෙකකට අධික කාලයක් මෙසේ ගෙවීම් කර ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයට අලුතෙන් ගොඩනැගිල්ලක් කුලියට ගැනීමෙන් රුපියල් කෝටි දෙකක්ද විධිමත් පවරා ගැනීමකින් තොරව මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් මසකට රුපියල් මිලියන දෙසීය බැගින් රුපියල් මිලියන තුන්දහස් හයසියයක් ගෙවා ඇත. ලංකා සතොස ආයතනයේ ආනයනික සහල් මෙට්‍රික්ටොන් අනූදාහක් සත්ත්ව ආහාරවලට අලෙවි කිරීමෙන් රුපියල් මිලියන දෙදහස් හත්සීයක වංචාවක් සිදුව ඇති බවට පැමිණිලි ලැබී තිබේ. රේගු දෙපාර්තමේන්තුවේ සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශන අවසන් කොට භාරදී ඇති ලිපි ගොනු මගින් රේගු බදු ආදායමට රුපියල් කෝටි දහතුන් ලක්ෂ එකසිය හැට හතරක් සම්බන්ධයෙන් වංචාවක් සිදුව ඇත. නිවාස සංවර්ධන අධිකාරියේ සැමට සෙවණ නිවාස වැඩසටහනේ උත්සව කටයුතුවලදී රුපියල් ලක්ෂ 30සිට ලක්ෂ 113ක් දක්වා වියදම් කර ඇති අතර එවැනි උත්සව අවස්ථා 161ක් සඳහා ලක්ෂ හාරදහසකට වැඩි මුදලක් වියදම් කර ඇති බවට පැමිණිලි ලැබී තිබේ. මීට අමතරව අතිරේක විදුලි ධාරිතාව මිලදී ගැනීමේදී රුපියල් බිලියන 20ක පාඩුවක් සිදු වී ඇති බව හෙළි වෙමින් පවතී. රේගුව තුළ සිදුව ඇති වංචා දූෂණ තුළින් බදු මුදල් අහිමි වීමෙන් හා මහජන මුදල් වංචා කිරීමෙන් රජයට ලැබිය යුතු රුපියල් බිලියන හයදහස් පන්සිය පනහක මුදලක් අහිමි වී ඇත. චමින්ද සේනාරත්න
 

More News..