brand logo

රජයේ ආයතනවල මැතිවරණ ප්‍රචාරණය තහනම්

08 July 2020

මහ මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන්ට රජයේ ආයතනවලට ගොස් ඡන්ද ප්‍රචාරක කටයුතු කිරීම හා රැස්වීම් පැවැත්වීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පැවැසීය. රජයේ හෝ පළාත් සභා කාර්යාලයක, රජයේ පාඨශාලාවක, පළාත් පාලන ආයතනයක, රාජ්‍ය සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල සතු ආයතනයකදී පා​ර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්ද ආයාචනා කිරීම, අත්පත්‍රිකා බෙදීම, වෙනත් එවැනි කාර්යයන් සිදුකිරීම හෝ රැස්වීම් පැවැත්වීම තහනම්ය. සාලිය කුමාර ගුණසේකර
 

More News..