brand logo

රජයෙන් පාසල් සිසුන්ගේ බෑග් පිරික්සන්න යයි

07 September 2022

මත් උවදුර දුරලන්න රජයෙන් අලුත් වැඩක්

පාසල් දරු පරපුර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වලින් බේරා ගැනීමේ පියවරක් ලෙස පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ පිළිබඳව චක්‍රලේඛයක් නිකුත් කරන බව කී අමාත්‍යවරයා හෙරොයින් කිලෝ ගණන් රටට ගෙන ඒමේ දී ඇල්ලූ අවස්ථා තිබූ බවද ඉතා සූක්ෂම අයුරින් ඒවා පාසල් දරුවන් අතරට ගෙන යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන බවද සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතු බවද මා පියන් සහ පාසල් ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද ඔහු සඳහන් කළේය. අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පැවැසූයේ අයිස් මත් ද්‍රව්‍ය ප්‍රවාහනය ඉතා පහසුයි බවත් මේවා වැලැක්වීම සඳහා නීතියක් නැති බවත්ය.
 

More News..