brand logo

රජයට සහයෝගය දැක්විමට වතුකරයේ වෘත්තිය සමිති කිහිපයක සමාජිකයන් S.B ට එක් වෙයි

02 December 2018

වත්මන් රජයට සහයෝගය දැක්විම පිණිස වතුකරයේ ප්‍රබල වෘත්තිය සමිති ගණනාවක ආධාරකරුවන් මාර්ග හා මහ මාර්ග අමාත්‍යය එස්.බි.දිසානායක මහතා සමග ඊයේ (01) එක් විය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මස්කෙලිය බල මණ්ඩලය මගින් අමාත්‍යයවරයා පිලිගැනිම සදහා ඊයේ ගිනිගත්හේන අභිනවාරාම ශාලාවේ පැවති උත්සවයේදි මෙම වතු කම්කරුවන් පිරිස අමාත්‍යය වරයාට මල් මාල සහ සළු පලදවා වත්මන් රජයට සහයෝගය දැක්විමට එක් වුණා. මෙහිදි අදහස් දැක්වු අමාත්‍යය එස්.බි.දිසානායක මහතා කියා සිටියේ ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයකදි දැනට එක්සත් ජාතික පෙරමුණට සහයෝගය දක්වන වතුකරයේ පා.ම මන්ත්‍රිවරුන් ගණන අඩු වි එම මන්ත්‍රිවරුන් අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන පිලිට වැඩි මන්ත්‍රි ධුර සංඛ්‍යාවක් හිමිවන බවයි. අග්‍රාමාත්‍යයවරයා සතුව තිබු මාර්ග හා මහ මාර්ග අමාත්‍යංශය තමන් ලබා ගත්තේ මධ්‍යම පලාත තුල වසර ගණනාවකින් මාර්ග කිහිපයක් ප්‍රතිසංස්කරණය නොකිරිම නිසා එම මාර්ග කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කිරිමේ අරමුණන් බවයි අමාත්‍යය එස්.බි.දිසානායක මහතා කියා සිටියේ. මස්කෙලිය මැතිවරණ කොට්ඨාශය තුල වසර ගණනාවක් ප්‍රතිසංස්කරණය නොකර ඇති ජනතාවගේ ජන ජිවිතයට ගැටළු රැසක් මතු කර ඇති තොරාගත් මාර්ග කිහිපයක් කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කිරිමේ වැඩ කටයුතු සති දෙකක් ඇතුලත ආරම්භ කරන බවයි. මෙම පිලිගැනිමේ උත්සවය මස්කෙලිය ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ජි.රණසිංහ මහතා විසින් සංවිධානය කර තිබුණි.
 

More News..