brand logo

රජයට රුපියල් කෝටි ගණනක් පාඩුයි

07 December 2019

අඩු මිල ටෙන්ඩරය ප්‍රතික්ෂේප කර වැඩි මිලට නිර්වින්දන ඖෂධ බෝතල් 7000 ක් මිලදී ගැනීම සඳහා තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබා ගෙන ඖෂධ සංස්ථාවේ හිටපු බලධාරීන් විසින් රජයට රුපියල් දෙකෝටි හැත්තෑ අට ලක්ෂ අනූ දහස් තුන්සිය දහයක් ( 27,890,310 ) අහිමි කර ඇති බවට අමාත්‍යාංශයට පැමිණිල්ලක් ලැබී ඇත. රෝගීන් නිර්වින්දනය කිරීම සඳහා ලබා දෙන ‘සෙවෆ්ලුරේන්’ නමැති මෙම ඖෂධය නිෂ්පාදිත රට වන්නේ ඇමරිකාවය. ඇමරිකානු මුල් නිෂ්පාදිතයේ ( දරසටසබ්ක චරදාමජඑ) බෝතලයක් රුපියල් 12,315.00 ක මිලකට සැපයීමට ඉදිරිපත්ව ඇති ටෙන්ඩරය පසෙකලා තාක්ෂණික කමිටුව විසින් අනුමත කර ඇත්තේ ඒ නාමය සහිත එකක් රුපියල් 16,300.00 ක් වූ වෙනත් නිෂ්පාදනයකටය. මෙසේ මිලට ගත් මෙම ඖෂධ තොග වෛද්‍ය සැපයීම් අංශයේ ගබඩාකර තිබියදී ජනාධිපතිවරණයට දින කීපයකට කලින් පෙර පරිදිම වැඩි මිලට තවත් ඖෂධ බෝතල් 8800ක් මිලට ගැනීමට තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබා ගෙන ඇත. අඩු මිල ටෙන්ඩරය ප්‍රතික්ෂේප කර වැඩි මිළ ටෙන්ඩරයකට තවත් නිර්වින්දන ඖෂධ බෝතල් 8800ක් මෙසේ මිලදී ගැනීම නිසා නැවතත් විශාල මුදලක් රජයට අහිමි වීමට ඉඩ ඇතැයිද එය වහා අත්හිටුවීමට පියවර ගන්නා ලෙසටද අමාත්‍යාංශයට ලැබී ඇති පැමිණිල්ලේ සඳහන් වේ. අජිත් අලහකෝන්
 

More News..