brand logo

‘‘රජපිහිල්ල’’ රැකගන්න නිහඬ විරෝධතාවක්

17 February 2021

කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ පැරැණි ගස් කිහිපයක් කපා දැමීම හා එම ඉඩම පුද්ගලික ආයතනයක් ඉදිකිරීම සඳහා බදු දීමට සූදානමක් පවතින බව පවසමින් පරිසර අමාත්‍යාංශය ඉදිරිපිට දී පිරිසක් ඊයේ (16දා) පෙරවරුවේදී නිහඬ විරෝධතාවයක නිරත වූහ.මෙම විරෝධතාකරුවන් හමුවට ගිය පරිසර ඇමැති මහින්ද අමරවීර කියා සිටියේ කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ පැරැණි ගස් කිහිපයක් කපා දැමීම හා එම ඉඩම පුද්ගලික ආයතනයකට පැවරීමට යන්නේ නම් ඒ සම්බන්ධව ඇමැති මණ්ඩලය දැනුම්වත් කර අවශ්‍ය පියවර ගන්නා බවයි. කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ ගස් කපා දැමීම සම්බන්ධව ජනාධිපතිවරයාට වාර්තාවක් ලබා දෙන ලෙස තමන් මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන් බවත්, එම වාර්තාවට අනුව මෙම ස්ථානය පුද්ගලික අංශයට පැවරීමට යන බවක් සඳහන් ව නොමැති බවත් ඇමැතිවරයා කීවේය. සාලිය කුමාර ගුණසේකර
 

More News..