brand logo

රඟපානවට ඔහු කැමති වුණේ නැහැ

02 January 2021

‘උපාධිය පැත්තකින් තියලා උඩුගුවනේ පියාඹන්න ගිය ඇය අද නතරවෙලා ඉන්නේ පුංචි තිරයේ ආදිගේ ආදරණීය නිලූ හැටියට.... පුංචි කාලයක් තුළ ඇය කළ පෙරළි ගැන කතා කරන්න අලුත් අවුරුද්දේ අපි ලහිරුනී රශ්මිධාරා සල්වතුරව මුණගැහෙනවා... සම්පූර්ණ නම කියන්න කැමතිද? ලහිරුනී රශ්මිධාරා සල්වතුර කවුද මෙච්චර ලස්සන නමක් දුන්නේ... තාත්තා තමා නම තියලා තියෙන්නේ? මාව ලැබෙන්න කලින්ම ඔය නම හිතාගෙන ඉඳලා තියෙනවා. අවසානයේ අකුරුත් ගැළපිලා තියෙනවා. ඔබ ඔබව හඳුන්වා දුන්නොත්... හැම තප්පරේම සතුටින් ඉන්න කැමති සරල චරිතයක් පොදු නාට්‍යයේ නිලූ වෙන්නේ​ කොහොමද? මගේ කැම්පස් එකේ යාළුවෙක් උන්නා ඔමාලි කියලා. පොදු කියන නාට්‍යයට අලුත් නිළියක් හොයනවා කියලා ඔමාලි දැනගෙන මගේ ෆොටෝ එකත් සුදේශ් අයියට දීලා තියෙනවා. මම දැනගත්තේ ඔක්කොම උණාට පස්සේ. තිර පරීක්ෂණයකට සහභාගි වෙලා තමයි නිලූගේ චරිතය භාරගන්නේ. මීට කලින් නාට්‍යයක රඟපාලා තියෙනවද? වෙළෙඳ දැන්වීම් කීපයක් කරලා තිබුණා. ටෙලිනාට්‍යයක රඟපාලා තිබුණේ නැහැ. අනිත් එක මම ටෙලිනාට්‍ය බලන කෙනකුත් නොවේ. ඉගෙන ගන්න කටයුතුවලටයි රැකියාවටයි මුල් තැනක් දීලා තිබුණ නිසා රඟපෑම ගැන හිතලා තිබුණේ නැහැ. ප්‍රථම අත්දැකීමට මුහුණ දුන්නේ කොහොමද? මුලින්ම පොදු එකේ ගීත ටික කළේ... මමයි රන්දිකයි විතරයි රඟපෑවේ. පළවැනි දවසේ රූපගත කිරීම් උදේ 6ට පටන් අරගෙන පාන්දර හතර වෙනකම් කළා. පාන්දර ෂූටින් ඉවර වුණේ හොඳටම නාලා. ගීතයේ අවසාන රූපගත කිරීම කළේ පාන්දර හතරට වැස්සේ තෙමි තෙමී.හිතාගන්න බැරි අත්දැකීමක්. පළවැනි දවසෙම එපා වුණාද? අපෝ නැහැ. හරිම ආසාවෙන් වැඩ කළේ. මොකද ඒ තරම් හොඳ කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබීම වාසනාවක්. ගොඩක් අයට මුල්ම දවසත් ලොකු අපහසුතාවට පත් වෙනවනේ. රන්දික මට කිව්වේ නංගි මේ වගේ කණ්ඩායමක් ඔයාගේ මුල් නිර්මාණයේදීම මුණගැසීම ඔයාගේ වාසනාව කියලා. කලින් ඉඳන් රන්දිකව දන්නවද? පොදු නාට්‍යයෙන් තමයි ඔහුව මුණගැහෙන්නේ. මම ටෙලිනාට්‍ය බලන්නේ නැති නිසා නළු නිළියෝ අඳුනන්නේ නැහැ. මුලින්ම ශාම් මාව රන්දිකට පෙන්නලා ඇහුවේ රන්දික මේ කෙල්ලට ආදරේ කරන්න පුළුවන්ද කියලා. ශාම් එහෙම කියනකොට මට කර කියාගන්න දෙයක් නැතිව ගියා. රන්දිකගේ මූණත් රතු වුණා. රන්දිකට පුළුවන් වුණාද ඒ කෙල්ලට ආදරේ කරන්න. සීයට සීයක්ම ඔහු ඒක හරියට කළා. ඒකනේ මේ නාට්‍ය මේ තරම් සාර්ථක වුණේ. මුලින්නම් මටත් අමාරු වුණා. රන්දිකගේ ප්‍රේමවන්තිය හැටියට තාත්විකව රඟපාන්න. නමුත් රන්දික දුන්න උදව්වත් එක්ක මම ඒක හරියට කළා. බොරුවක් නෙවේ කියලා හිතෙන තරමට නිලූ ආදිට ආදරය කරලා තියෙනවා.ප්‍රේක්ෂකයෝ ඒක පිළි අරගෙන තියෙනවා. ඔබ චිත්‍රපට නරඹනවද? සිංහල චිත්‍රපට නරඹන්න මම කැමතියි. හෝගානා පොකුණ හා ආකාස කුසුම් ගොඩාක් ආශාවෙන් නැරැඹුවා. බටහිර චිත්‍රපට බලන්නත් හුඟාක් කැමතියි. පවුලේ විස්තර ටිකකුත් කියන්නකෝ? අම්මයි තාත්තයි නංගිලා දෙන්නෙකුයි ඉන්නවා. චූටි නංගි තමයි මට හුඟාක් ළඟින් ඉන්නේ. එයා කැමති නැහැ මම නිළියක් උනාට. ජනප්‍රියත්වය කරදරයක් හැටියට තමා එයා දකින්නේ. ලොකු නංගි කැමතියි මම නිළියක් උනාට. තිර පරීක්ෂණයට මමයි නංගියි දෙන්නම ආවේ. මම හිතුවේ පොදු නාට්‍යට නංගිව තේරෙයි කියලා. නමුත් දෛවය තීරණය කළා ඒ අවස්ථාව මට දෙන්න. පුංචි කාලේ හීනයක්ද මේ සැබෑ වෙන්නේ? පුංචිම කාලේ ඉඳලම හිතාගෙන උන්නේ වෛද්‍යවරියක් වෙන්න. මාස හයක් බයෝ කළා. නමුත් අමාරුයි කියලා දැනගත්තාම කොමර්ස් කරන්න ආවා. අවසානයේ විශ්වවිද්‍යාලයට තේරිලා ඉන්නකොට ගුවන් සේවිකාවක් වෙන්න ඕන වුණා. අවුරුදු දෙක හමාරක ගුවන් සේවිකාවක් හැටියට ප්ලයි කළා. ඊට පස්සේ නැවතත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිය කරන්න පටන් ගත්තා. කොරෝනා ප්‍රශ්නයත් එක්ක ආපහු ගුවන් සේවිකාවක් ලෙස වැඩ නොකරන්නයි හිතාගෙන ඉන්නේ. ගෑනු ළමයි ගුවන් සේවිකාවක් වෙන්න මෙච්චර කැමති ඇයි? ඒක හරියට හීනයක් වගේ දෙයක්. ලෝකේ වටේ කිරිල්ලියක් වගේ පියාඹන්න. හැම කෙල්ලම කැමතියි. ඔබ යන්න කැමතිම රට. යුරෝප්වලට තමයි කැමති. ඒකෙනුත් ඉතාලියේ රෝම්වලට යන්න ආසයි. හරිම ආදරණීය මිනිස්සු ඉන්න රටක්. මට දැනෙන්නේ මම චිත්‍රයක ජීවත් වෙනවා වගේ කියලා. ඔබත් නිලූ වගේද. නැත්නම් පොදු සමාජයේ සාමාන්‍ය කෙල්ලෙක් වගේද? මම නිලූ තරම් අහිංසක නැහැ. පොදු සමාජයේ කෙල්ලෙක් කියන්නත් බැහැ. මටම ආවේණික ගතිගුණ තියෙන්නේ. මම වගේ වෙන කවුරුත් නැහැ. නිලූට සාධාරණයක් කළාද? සීයට සීයක්ම ඔව්. ඒකනේ ඔබ අද මාව මේ විදිහට ඉන්ටර්විව් කරන්නේ සාලේ ඉඳන් පොදු නරඹනකොට නිලූගේ අඩුපාඩු පේන්නේ නැද්ද? මුල්ම කොටස් මීට වඩා හොඳට රඟපාන්න තිබුණා නේද කියලා හිතුණා. එතනින් පස්සේ හැම රූප රාමුවක්ම හරිම ස්වභාවිකයි කියලා හිතෙනවා. ඔයාගේ කැම්පස් එක ඇතුළෙත් මෙහෙමද? මම ඉගෙනගන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක. රැග් නැහැ. හැබැයි හොඳ යාළුවෝ අට දෙනෙක් ඉන්නවා. උපරිම ෆන් එකේ කාලය ගත කරනවා. ඔබ නිර්භීත චරිතයක්ද? අනිවාර්‌යෙන්ම කොල්ලෙක් දැක්කොත් අරූට කැමතියි කියන්න තරම් මම නිර්භීතයි. අපි කෙල්ලෝ අට දෙනා එකට ඉන්නකොට යකෙක්ටවත් බය නැහැ. පුංචි කාලේ ගැන මතක් කරමුද? මගෙයි නංගිගෙයි වයස් පරතරය අවුරුදු දෙකයි. චූටි නංගි අවුරුදු 13ක් බාලයි. ගොඩගම සුභාරතී විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 169 අරගෙන දේවි බාලිකා ආවා. හැබැයි මම විශාකා යන්න ආසාවෙන් උන්නේ. ලකුණු තුනක් මදි වුණා. බාහිර ක්‍රියාකාරකම්වලට තිබුණ උනන්දුව? කැමති නැහැ. වැටෙනවට තුවාල වෙනවට හරිම අකමැතියි. ඒක නිසා හවුස් එක පැත්තට ගියේ නැහැ. ඩ්‍රාමා කළා. බෑන්ඩ් එකෙත් උන්නා. බොහොම නිවුන කෙනෙක් කියලද කියන්නේ? මොන පිස්සුද? දඟකාර කමේ උපරිමයට ගිය කෙනෙක්. ක්ලාස් කට් කරලා ගිහින් ඔෆිස් එක ඉස්සරහා දණ ගහගෙන ඉඳලත් තියෙනවා. මේ ක්ෂේත්‍රයට දැන් කැමතිද? අකමැත්තක් නැහැ. ගැහැනු ළමයෙක්ට හොඳ තැනක්ද මේ? කිසිම ක්ෂේත්‍රයක් ගැහැනු පිරිමි කියලා බෙදනවට මම කැමති නැහැ. මොකද දොගොල්ලම වැඩ කරන පිළිවෙළ අනුව තමයි අනාගතය රඳා පවතින්නේ. හොඳ දේ කළොත් පවතිනවා. නරක දේ කළොත් විනාශ වෙනවා. එය දෙදෙනාටම පොදුයි. මම අහන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන්? ඒක තියෙන්නෙත් තමන් අතේ. තමාගේ ආරක්ෂාව තමා සලසා ගත යුතුයි. මම අවුරුදු ගානක් ලෝකේ ඇවිද්දා. හෙටත් තනියම යන්න පුළුවන්. මොකද මම යන තැන ආරක්ෂා වෙන්න දන්නවා. අම්මා එක්ක රඟපාන්න ඇවිත් ආරක්ෂා නොවෙන අය ඉන්නේ. හැබැයි තනියම ඇවිත් ආරක්ෂා වෙන අය ඉන්නවා. හැදියාව තියෙන කෙනා ඉන්න දන්නවා. පුංචි අත්දැකීම් ප්‍රමාණයක් තිබුණත් අමතක නොවෙන සිදුවීම් ජීවිතයට එකතු වෙන්න ඇති නේද? පොදු තුළ රඟපාපු හැම දවස්කම සුන්දර මතකයක් වගේ තමයි. ටවුන් හෝල් එකේ අපි පෙළපාළි යනකොට වතුර බවුසරයෙන් වතුර ගහනවා. ටවුන් හෝල් එකේ මහපාර මැද්දේ තෙමිලා තෙත බරිත වුණා. වටේම මිනිස්සු බලාගෙන. ඇඳුම ඇඟටම ඇලිලා ලැජ්ජාවකුත් දැනුනා. තෙත පිටින්ම වාහනේට නැග්ගා. ඇඳුම් මාරු කරගන්න තැනක් නැහැ. ආදී වගේ කොල්ලෙක්ට කැමතිද? ආදි වගේ කෙනෙක්ට අකමැති වෙන්න හේතුවක් නැහැ නේද? ඔබේ ආදරයත් ආදි ළඟ නතර වෙයිද? මගේ හිත නතර වුණේ මීට අවුරුදු හයකට විතර කළින්. ඒ ඇස් දෙක ළඟ තමයි මම තාමත් ඉන්නේ ඔබ සැබෑ ජීවිතයේ ප්‍රේමවන්තියක්ද? නැහැ මම දයාබර බිරිඳක්. ඇයි මෙච්චර ඉක්මනට බැන්දේ? ඉක්මනක් නැහැ. නියමිත කාලයට විවාහ වුණා. ජීවිතේ බොහෝම පිළිවෙළට ගලාගෙන යනවා. නමුත් නිළියක් ලෙස ඉදිරියට යන එක බාධාවක් නොවේද? ඇයි එහෙම වෙන්නේ. මට රඟපාන්නේ දර්ශන තලයේදී විතරයි. එළියේ රඟපාන්නේ නැහැ. එළියෙදි මමත් සාමාන්‍ය යුවතියක්. බිරිඳක් එච්චරයි. ඔහු ගැනත් කියන්න? ඇත්තටම මගේ රංගන ජීවිතය ගැන කතා කරනකොට ඔහු ඒ සඳහා එන්නේ නැහැ. මොකද අපේ පවුල් ජීවිතයට ප්‍රසිද්ධිය අනවශ්‍යයි කියලා ඔහු කියන්නේ. මේ ක්ෂේත්‍රයේ කෙනෙක්ද? ඔහු මම වැඩ කරපු ආයතනයේ. අපි දෙන්නම එකට ෆ්ලයි කළේ. එයා ලහිරු විජේසිංහ. නමිනුත් ඔයාලා සමානයි නේද? අපි රැකියාවට සම්බන්ධ වුණේ එකටම වගේ. ඔහු ලහිරු. මම ලහිරුනී මුලදී කට්ටිය විහිළු කළා. අවසානයේ විහිළුව සැබෑවක් වුණා. ලහිරු කැමතිද ඔබ රඟපානවට? මුලදිනම් ප්‍රශ්නයක් තිබුණා. මොකද මම ඉගෙනගත්තු දේවල් අත්හැරලා රඟපාන්න යනකොට ඔහු ප්‍රශ්න කළා. නමුත් ඉගෙන ගන්න දේ අත්නොහැරගන්න තීරණයකට අපි ඇවිත් ඉන්නේ. දිගටම රඟපාන්න අදහසක් නැහැ. ඔබගේ රඟපෑම ගැන ඔහුගේ අදහස? නිලූගේ චරිතය ලස්සනට කළා කියලා ලහිරු කිව්වා. ඔහු මගේ නාට්‍ය කැමැත්තෙන් බලනවා. කොච්චර කල්ද විවාහ වෙලා? අවුරුදු හයක් අපි හඳුනගෙන. ගිය අවුරුද්දේ විවාහ වුණා. ලොකු තේරුම් ගැනීමක් තියන නිසා තමයි මට මෙහෙම වැඩ කරන්න අවස්ථාව ලැබුණේ. ජීවිතයේ වැඩියෙන්ම සතුටු වෙන්නේ? ප්‍රේමය විවාහයකින් කෙළවර කරගන්න ලැබීම ගැන සතුටු වෙනවා. ඔබ හා ආදි ගැන කට කතා පැතිරෙනවා නේද? මම හිතන්නේ අපේ රඟපෑමේ සාර්ථකත්වය තමා ඒ. මොකද හරියට ඒ චරිතය අපි දෙන්නා කරපු නිසා තමයි අපි ගැන කතා කරන්නේ. ඒක කටකතාවක් කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒක තමයි මේ ක්ෂේත්‍රයේ තියෙන අවුල. මුලදිම මම කිව්වේ අපි රඟපාන්නේ සෙට් එකේ විතරයි. කට කතාවලට උත්තර දීමත් කට රවටා ගැනීමක්. දිගටම රඟපානවද? තීරණය කරලා නැහැ. හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා. නැත්නම් මම කැමති රැකියාව කරගෙන සතුටින් ඉන්නවා. ප්‍රේක්ෂකයාට අලුත් අවුරුද්දේ මොනවද කියන්නේ? ඔයාලට ගොඩක් පිං. මේ ලැබෙන ප්‍රතිචාර ඔයාලගේ ආදරය කියලා මම දන්නවා. හැමෝටම පුංචි හරි මැසේජ් එකක් දෙන්න උත්සාහ කරනවා. ලහිරුනී කියන නමට ආඩම්බරයක් ලැබුනේ මේ පුංචි රටේ මිනිස්සු නිසා. ඔයාලට මම ගොඩක් ආදරෙයි. ජීවිතේට ලැබුණ හොඳම උපදේශය? මොනවා හරි දෙයක් කරන්න හදනකොට අනේ මට බැහැ. අමාරුයි කියලා කියන්න මම පුරුදු වෙලා උන්නා. මෝඩියේ එහෙම කියන්න එපා. හැම දෙයක්ම පුළුවන් කියලා හිතන්න. එහෙම වුණාම ඕනම අමාරු දෙයක් කරන්න පුළුවන්. රන්දික මට දුන්න උපදේශය ජීවිතේ ගොඩක් ප්‍රයෝජන වුණා.   ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර
 

More News..