brand logo

රග්බි කණ්ඩායමෙන් කොරෝනා පොකුරක්

19 November 2020

කණ්ඩායමේ ක්‍රීඩකයන් 29 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමගින් ‘ඕටම්න් නේෂන්ස්’ කුසලාන රග්බි තරගාවලිය යටතේ ඉතාලිය සමග පැවැත්වීමට නියමිතව තිබූ ෆිජී රග්බි කණ්ඩායමේ තරගය අවලංගු කරන්නට තරගාවලි බලධාරීන් පියවර ගෙන තිබේ. ෆීජි රග්බි ප්‍රධාන විධායක ජෝන් ඕ’කොනර් මේ බැව් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමට යෙදුණි. අදාළ නිවේදනයේ සඳහන් අන්දමට අසාදිත 29 දෙනා අතරට ක්‍රීඩකයන් සහ කළමනාකරණ කාර්ය මණ්ඩලයද ඇතුළත් ව ඇති අතර මේ වනවිට සමස්ත සංචිතයම නිරෝධායනයට ලක්කර ඇත. ‘ඕටම්න් නේෂන්ස්’ කුසලාන රග්බි තරගාවලියට ප්‍රථමයෙන් පෘතුගාලය සමගින් පැවැත්වීමට නියමිතව තිබූ තරගයටද පෙරාතුව, ෆිජී ක්‍රීඩකයන් කිහිපදෙනෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබුණි. නමුත් අදාළ සියලුම ආසාදිතයන් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවටද සඳහන් වේ.
 

More News..