brand logo

රක්ෂිතයක හටගත් ගින්න පොලිසිය පාලනය කරද්දි වන සංරක්ෂණ නිලධාරින් මත්පැන් සාදයක (Photos)

31 January 2019

හැටන් වන සංරක්ෂණ කාර්යයාලය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ෆයිනස් වන වගා රක්ෂිතයක (29) දින පස්වරුවේ සිට හට ගත් ගින්න ඊයේ (30) පස්වරු වන විට දැඩි පරිශ්‍රමයක් දරා හැටන් මුලස්ථාන පොලිස් පරික්ෂණ එ.එල්.එම් ජෙමිල් මහතා ඇතුළු හැටන් පොලිසියේ නිලධාරින් ,මාධ්‍යවේදින් සහ වතු කම්කරුවන් එක්ව පාලනය කිරිමට සමත් වි ඇත. එම වන වගා රක්ෂිතය තුල (29) දින පස්වරුවේ හට ගත් ගින්නෙන් අකක්ර 75 පමණ රක්ෂිතයේ කොටසක් ගිනිගෙන විනාශ වෙද්දි හැටන් මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා හැටන් වන සංරක්ෂන කාර්යයාලයේ නිලධාරින්ට ගින්න හට ගත් රක්ෂිතයේ සිට දුරකථනයෙන් හැටන් වන සංරක්ෂණ කාර්යයාලයේ නිලධාරින් අමතා සහයෝගය ඉල්ලා සිටි අවස්තාවේ වන සංරක්ෂණ නිලධාරින් මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට නිසි ප්‍රතිචාර නොදක්වා දුරකථනය විසන්ධි කරනු ලැබුවා. පැය 6 පමණ දැඩි පරිශ්‍රමයක් දරා හැටන් පොලිසියේ නිලධාරින් ගින්න මැඩ පැවැත් වු අතර ගින්නෙන් එම රක්ෂිතයේ තිබු ජල මුලාශ සිදි ගොස් විශාල පරිසර හානියක්ද සිදු වි තිබුණා. පැතිර ගිය ගින්න පාලනය නොකලේ නම් එම වන වගා රක්ෂිතයේ අකක්ර 300 පමණ කොටසක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ විමට ඉඩ තිබුණි. එම රක්ෂිතයේ හට ගත් ගින්න පාලනය කිරිමට පොලිස් නිලධාරින් වන සංරක්ෂණ නිලධාරින්ගෙන් සහයෝගය ඉල්ලා සිටියිදි සහයෝගය ලබා නොදිම සම්බන්ධයෙන් අප කරුණු විමසිමට හැටන් වන සංරක්ෂණ කාර්යයාලයට ගිය අවස්තාවේ එම වන සංරක්ෂණ කාර්යයාලයේ නිලධාරින් දිවා කාලයේ සිට එම කාර්යයාලය තුල මත්පැන් සාදයක් පවත්වා විනෝද වි සිටි ආකාරයක් අප කැමරා කාචයේ සටහන් වුණා. එම කාර්යයාලයේ සිටි නිලධාරින්ගෙන් අප කරුණු විමසිමේදි නිලධාරින් දෙදෙනෙකු මාධ්‍යවේදින් මග හැර යතුරු පැදියෙන් පිටව ගිය අතර එසේ යතුරුපැදියෙ පසුපස ගමන් ගත් අඩවි වන නිලධාරියෙකු ආරක්ෂිත හිස් වැසුමද නොමැතිව යතුරුපැදියේ ගමන් කරන අයුරු අප කැමරා කාචයේ සටහන් වුණා. වන සංරක්ෂණ කාර්යයාලයේ අධික ලෙස බිමත්ව රැදි සිටි රියදුරුවරයෙකු වශයෙන් හදුන්වාදුන් අයෙකු කියා සිටියේ තමන්ද රක්ෂිතයේ හට ගත් ගින්න පාලනය කිරිමට ගොස් පැමිණ ආයතන ප්‍රධානියාගේ ස්ථාන මාරුව වෙනුවෙන් කාර්යයාලය තුල සාදයක් පවැත්වු බවයි. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..