brand logo

රංජිත් සොයාසාගේ දේහය අද සිංගප්පූරුවෙන් දිවයිනට

04 December 2019

අභාවප්‍රාප්ත වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයාසා මහතාගේ දේහය අද රාත්‍රියේ දිවයිනට ගෙන ඒමට නියමිතව ඇත. සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය අතර මියයන විට මන්ත්‍රීවරයා 57 හැවිරිදි වියේ පසු විය. වර්ෂ 1962 මැයි මස තුන්වනදා ගොඩකවෙල අල්පිටිය ගම්මානයේ උපත ලැබූ රංජිත් සොයිසා මහතා පිරිමි දරුවන් පස්දෙනෙකු හා ගැහැනු දරුවන් දෙදෙනෙකුගෙන් යතු පවුලේ දෙවැනි පිරිමි දරුවාය. ගොඩකවෙල අල්පිටිය සිද්ධාර්ථ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ගොඩකවෙල අල්පිටිය රාහුල විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනය ලබන රංජිත් සොයිසා මහතා කෘශිකර්ම ක්ශේත්‍රය සම්බන්ධයෙන් ඩිප්ලෝමාධාරියෙක්ය.
 

More News..