brand logo

රංජන් බැලීමට සජිත් යයි

22 February 2021

  විපක්ෂ නායක සජිත් ප්‍රමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හමුවීම සඳහා අද (22) අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් තිබේ. අද (22) පෙරවරු 11ට පමණ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක වරයා ගොස් ඇති අතර මාධ්‍ය හමුවේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. පවත්නා නීතිමය තත්වය තේරුම් ගනිමින් රන්ජන් රාමනායක මහතා වහාම පාර්ලිමේන්තුවට ගෙන්වීමට කතානායකවරයා කටයුතු කළ යුතු බවද එහිදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබේ. තවද රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටින බවත් ඔහු වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියා ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් විපක්ෂනායකවරයා එම අවස්ථාවේ සඳහන් කර ඇත. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා ඇතුළු පිරිසක් එක්ව සිට තිබේ.
 

More News..