brand logo

රංජන්ට නීතිය ක්‍රියාත්මක කරන්න - ඕමල්පෙ සෝභිත හිමි

19 January 2020

රන්ජන් රාමනායකලා වැනි අනුවන මිනිසුන්ගේ වචන දේව වාක්‍ය හැටියට සලකා ජනමාධ්‍ය තුළ ජනප‍්‍රියවිම සදහා ගන්නා උත්සාහයේ ප‍්‍රථිපල මුළු රටම කලඹවන්නේ යැයි ශ‍්‍රි ලංකා රාමාඥ නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සොභිත හිමියන් පවසති. ගාල්ල ලබුදුවේ පෙරේදා (17) පැවැති පුරන්කුඹුරු අස්වැද්දිමේ වැඩසටහනකට සහභාගිවෙමින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සදහන් කළහ. ඕමල්පේ සොභිත හිමියන් මෙසේද පැවසුහ. ‘‘ඇත්තටම වැදගත් වෙන්නේ ඔහු වැරදි ක‍්‍රියාවක් නිති විරෝධි ක‍්‍රියාවක් කරලා තියෙනවා නම් වහාම මේ රටේ නිතිය ඔහුට විරුද්ධව ක‍්‍රියාත්මක වීමයි. එවා ප‍්‍රචාරය කර කර ඉන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම මේ වගේ සිද්ධින් උපක‍්‍රමශිලිව කරන වැඩද කියා හිතෙනවා ජනතාව මුහුණදෙන සත්‍ය ප‍්‍රශ්න ප‍්‍රායෝගික ප‍්‍රශ්න වසන් කරලා අනවශ්‍ය දේවල්වලට මිනිසුන්ගේ අවධානය යොමු කිරිම සදහා වු උපාය උපක‍්‍රමයක් අපට පෙනවා. ‘‘රන්ජන් රාමනායකගේ හෝ වෙනත් අයකුගේ හෝ හඩපට නැතිනම් වෙනත් ප‍්‍රශ්නයක් පිළිබද නිති විරෝධි ක‍්‍රියාවන් වෙනවානම් එයට විරුද්ධව නිතිය ක‍්‍රියාත්මක විය යුතුයි. ඒක රස කරකර තළුමරමර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. පුරන්කුඹුරු අස්වැද්දිම පිළිබද මේ වගේ දේවල්වලට ප‍්‍රචාරය දෙන්න. රන්ජන්ලාගේ කථා අපිට වැඩක් නැහැ. අනවශ්‍ය කරුණු කෙරෙහි ජනතාවගේ කථිකාවන් ඇති කිරිම සම්බන්ධව පළමු චෝදනාව එල්ලවන්නේ ජනමාධ්‍යයට. ජනමාධ්‍ය මේ තියෙන සිද්ධින් අනවශ්‍ය ලෙස ප‍්‍රචාරය කරනවා’’ යැයිද උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළහ. සරත් කුමාර ලොකුගේ-අක්මීමන
 

More News..