brand logo

රංගන හේරත්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් තනතුරක්

21 September 2020

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ උපදේශක ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් පත් කිරීමට නියමිතය. විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව රංගන හේරත් එළැඹෙන බංග්ලාදේශය සංචාරය හා එංගලන්තය සංචාරයේ ටෙස්ට් තරග සඳහා දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ජාතික කණ්ඩායම සමඟ එක්වනු ඇත.ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක වමත් ටෙස්ට් පන්දු යවන්නා වන රංගන හේරත් 2018 දී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා විට ඔහුගේ නමට ටෙස්ට් කඩුලු 433 ක් ලියවී තිබිණි. ලබන මාසයේ ටෙස්ට් තරග 3 ක් සඳහා බංග්ලාදේශය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂා කරන අතර එංගලන්තය ජනවාරි මාසයේ දී ටෙස්ට් තරග 2 ක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.
 

More News..