brand logo

රංගන ශිල්පී රයන් වෑන් රෝයන් මැයි 9 තෙක් යළි රිමාන්ඩ්

02 May 2019

ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද (02) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 9 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. ඩුබායිහී සිට මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අ‍ප්‍රේල් 25 දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි. ඒ අනුව තවදුරටත් ඔහු රක්ෂිත බන්ධනාගාරගතව තැබීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (2) නියෝග කර ඇත.
 

More News..