brand logo

රංගන ක්‍රිකට් දිවියෙන් සමු ගැනීම ස්ථිරයි

22 October 2018

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන සුපිරි ක්‍රිඩකයෙකු වන රංගන හේරත් සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර ඇත. එංගලන්ත කණ්ඩායම අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරග නොවැම්බර් 06 දා ආරම්භ වීමට නියමිතයි. 1978 වර්ෂයේ මාර්තු මස 19 දින කුරුණෑගල දී උපත ලද හේරත් මුදියන්සේලාගේ රංගනාත කීර්ති බණ්ඩාර හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත්තේ 1999 වර්ෂයේ සැප්තැම්බර් මස 22 දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිවය. ඔහු එක්දින වරම් දිනාගත්තේ 2004 වසරේ අප්‍රේල් මස 25 දින හරාරේ හීදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවය. මේ අතර වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් දඟ පන්දු යවන්නා වශයෙන් ක්‍රිකට් වාර්තා පොතට එක්ව සිටින රංගන හේරත් ලොව පන්දු යවන්ගේ ලැයිස්තුවේ 10වන ස්ථායයේ තම නම රඳවාගෙන සිටියි. රංගන හේරත් පසුගිය ජනවාරි මාසයේ ලෝකයේ සාර්ථකම වමත් ටෙස්ට් පන්දු යවන්නා බවට ද පත් වූ අතර ඒ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයේදීය රංගන හේරත් විසින් මෙතෙක් දවාගෙන තිබෙන සම්පූර්ණ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 430කි. මේ අතර ලොව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන සියලුම ප්‍රතිවාදී රටවලට එරෙහිව එක් ඉනිමකදී කඩුලු පහක් දවාගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රංගන හේරත් එම දක්ෂතාවය දැක් වූ ලොව තුන්වෙනි පන්දු යවන්නා බවට පත්විය. රංගන හේරත් එම ලෝක වාර්තාව සම කළේ සිම්බාබ්වේ පිලට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු පහක් දවාගනිමිනි. මීට ඉහතදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන සියලු රටවලට එරෙහිව කඩුලු පහ බැගින් දවාගැනීමට සමත් වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඩේල් ස්ටේන් පමණයි. විටක කණ්ඩායමේ ස්ථිර නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උප නායක දිනේෂ් චන්දිමාල් ආබාධවලින් පෙළු අතර රංගන හේරත් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණු අතර, සිය පළමු ටෙස්ට් තරගයේදීම ජයග්‍රහණය වාර්තා කළ පළමු ශ්‍රී ලංකා නායකයා බවට පත්වීමටත් ඔහු සමත්විය. රංගන හේරත් දැනට එක් දින ජාත්‍යන්තර සහ විස්සයි විස්ස තරගවලින් විශ්‍රාම ගෙන සිටින අතර එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සිය සමුගැනීමේ තරගාවලිය බව මීට මාස කිහිපයකට ඉහතදීම රංගන හේරත් විසින් ප්‍රකාශ කර ඇති අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන්ට දැනුම් දී තිබේ.
 

More News..