brand logo

රංගනගෙන් වාර්තාවක්

06 November 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර  පළමු ටෙස්ට් තරගය මේ වන විට ගාල්ලේදී පැවැත්වේ. තරගයේ ප්‍රතමයෙන් පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම මීට මොහොතකට පෙර කඩුළු 6ක් දැවි ලකුණු 199ක් රැස් කරගෙන සිටි. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් අද (06) දිනයේ දී රෝරී බර්න්ස් සහ බෙන් ෆෝක්ස් ටෙස්ට් වරම් හිමි කර ගත් අතර ශ්‍රී ලංකාවෙන් බිහි වු විශිෂ්ට වමත් දගපන්දු යවන්නා වන රංගන හේරත් අද ක්‍රීඩා කරන්නේ සිය ටෙස්ට් දිවියේ අවසන් ටෙස්ට් තරගයටයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය දිනු එංගලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුළු දෙක ලකුණු 10ක් තුළදී දැවි ගියේ සුරංග ලක්මාල්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවෙයි. එංගලන්ත ඉනිමේ තුන්වන කඩුල්ල ලෙස ලකුණු 35ක් රැස් කරගෙන සිටි  නායක ජෝ රූට් දවා ගැනීමට රංගන හේරත් සමත් විය. හේරත් අද දිනයේ දී දවා ගත් එම කඩුල්ලත් සමග ඔහු වාර්තා අතරට එක්වුනේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී කඩුළු 100ක් දවා ගත් දෙවැනි පන්දු යවන්නා ලෙසයි. රංගන හේරත් මේ වන විට  ටෙස්ට් කඩුළු 431ක් දවාගෙන ඇති අතර ඔහු වැඩිම ටෙස්ට් කඩුළු දවා ගත් ක්‍රීඩකයන් අතර සම දස වන ස්ථානයට පැමිණීමට සමත් විය. ඉන්පසු එංගලන්ත ඉනිමේ තවත් කඩුළු දෙකක් දවා ගැනීමට දිල්රුවන් පෙරේරා සමත් විය.
 

More News..