brand logo

යුරෝපා තාක්ෂණයෙන් යුත් මෝටර් රථයක් රු. ලක්ෂ 30කට ශ්‍රී ලංකාවෙන්

03 August 2019

යුරෝපා තාක්ෂණයට සියලු අංගෝපාංගවලින් නවීන මෝටර් රථයක් නිෂ්පාදනය කර රුපියල් ලක්ෂ තිහක් (30) වැනි මුදලකට ලබාදීමට ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සැලසුම් කර තිබේ. වාහන අපනයනය කරන්නන්ගේ සංගමයේ සියලුම සාමාජිකයන් එක්ව ගොඩනගන සමුපකාර සංගමයක් මගින් අදාළ නවීන මෝටර් රථය නිෂ්පාදනය කිරීමට සූදානම් කර ඇති බව එම සංගමයේ විදේශ කටයුතු ලේකම් ආසිරි දයාන් මෙරෙන්චිගේ පැවසීය. අදාළ වාහනය වර්ෂයක් තුළ වෙළෙඳපොළට නිකුත් කිරීමට මේ වන විටත් යුරෝපයේ ප්‍රධාන පෙළේ වාහන නිෂ්පාදන ආයතන සමග සාකච්ඡා කර ඇති බව හෙතෙම පැවසීය. ඇන්ජින් ධාරිතාව 1500cc වර්ගයේ වාහනයක් නවීන තාක්ෂණයට ගැළපෙන ආකාරයට නිෂ්පාදනය කිරීමට සූදානම් වන අතර, ඒ සඳහා පූර්ණ වගකීම් සහතිකයක් හා පසු නඩත්තුව සම්බන්ධයෙන් වගකීමක් ඇතිව අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව ආසිරි දයාන් පැවසීය. චමින්ද සේනාරත්න
 

More News..