brand logo

යුරෝපයේ Bolt කුලී රථ සේවාව ලංකාවට

27 November 2020

යුරෝපයේ ප්‍රමුඛතම කුලී ප්‍රවාහන සේවා සැපයුම්කරුවකු වන බෝල්ට් (Bolt) සමාගම ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන බව නිවේදනය කර ඇත. ඊයේ (26 වැනිදා) කොළඹ නගරය ආශ්‍රිතව සිය නියමු සේවාව ආරම්භ කළ බවද රියැදුරන් 2000කට අධික සංඛ්‍යාවක් මේ වනවිටත් සේවය සමග සම්බන්ධ වීමට සූදානමින් සිටින බවද බෝල්ට් සමගම ප්‍රකාශ කළේය. එම සමාගම පවසන්නේ ශ්‍රී ලංකාවේ නාගරික ගමනාගමනය පහසු සේවයක් සහ විශ්වාසදායක ක්‍රමවේදයකට පවත්වා ගැනීමට අපේක්ෂා කරන බවයි. ඔවුන් රියැදුරන්ගෙන් කිසිදු කොමිස් මුදලක් අය නොකරයි. තවද, අනෙක් තරගකාරී සමාගම්වලට වඩා සියයට විස්සක් අඩුවෙන් මාස 06ක කාලයක් සඳහා ගාස්තු අය කරන බවද එම සමාගම පැවැසීය. ‘‘ජනතාවට තවමත් නගරාශ්‍රිතව සැරිසැරීම අත්‍යවශ්‍යයි’’ යන දැඩි විශ්වාසයෙන් යුතුව කොවිඩ් -19 අර්බුදයේ උච්චතම අවස්ථාවක ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කළ බවද බෝල්ට් සමාගම සඳහන් කළේය. ඇපල් සහ ගූගල් ප්ලේ ස්ටෝර්ස් හරහා සිය යෙදුම නොමිලේ භාගත කරගත හැකි බවත් එම සමාගම පෙන්වා දුන්නේය. නයන තරංග ගමගේ
 

More News..