brand logo

යුපුන්ට නූලෙන් පදක්කම අහිමිවෙයි

11 June 2021

ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ ෆ්ලොරන්ස්හි පැවති ඩයමන්ඩ් ලීග් මළල ශුරතා අදියරකදී මීටර් සියය ඉසව්වේ සිව්වැනි ස්ථානයට පත් විය. එහි මීටර 100.පිරිමි ධාවන ඉසව්වට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් ද සහභාගී වූ අතර මෙම ඉසව්වේ ලොව ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සමග ඔහු තරග කළේය.එහි ප්‍රථම ස්ථානය දිනාගත් දකුණු අප්‍රිකාවේ අකානි සිම්බින් තත්පර 10යි දශම 0යි 8ක කාලයකින් තරගය අවසන් කිරීමට සමත් විය. [caption id="attachment_150654" align="alignnone" width="720"] ක්‍රීඩකයන් තරගය අවසන් කරන ආකාරය දැක්වෙන ඡායා සටහන[/caption] තත්තපර 10යි දශම 1ක කාලයක් සටහන් කළ බ්‍රිතාන්‍යයේ යූජාහ් චිජින්දු දෙවැනි ස්ථානයට පත් වුණි. බ්‍රිතාන්‍යයේ එමානුවෙල් මැතාඩි තත්පර 10යි දශම 1යි 6ක කාලයකින් තරගය අවසන් කර තෙවැනි ස්ථානයට පත්විය. එමානුවෙල් මෙන්ම තත්පර 10යි දශම 1යි 6ක කාලයක් සටහන් කිරීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය. මේ අතර මෙම තරගයේදි දැක්වූ දක්ෂතා අනුව ලොව මීටර් සියය ධාවකයින් ශ්‍රේණිගත කිරිම්හි පළමු 50 දෙනා අතරට පැමිණිමට යුපුන් මෙහිදී සමත්විය. https://youtu.be/hgSVbsq8L0E
 

More News..