brand logo

යුපුන්ගෙන් ලොව සිව්වැනි වේගවත්ම කාලය සමග වාර්තාවක්

26 January 2021

ඉතාලියේ අන්කොනාහිදී පැවැති ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවකදී මීටර් 60 ඉසව්ව නියෝජනය කළ යුපුන් අබේකෝන් එම ඉසව්වේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත්විය. ඉතාලි මලල ක්‍රීඩා සම්මේලනයේ අනුදැනුම මත ඊයේ (24 වැනිදා) ‘පාලා ඉන්ඩෝර්’ හිදී පැවැති මෙම තරගාවලියේ මීටර 60 ඉසව්ව නියෝජනය කළ යුපුන්, තත්පර 6.59ක කාලයක් වැය කරමින් එම ජයග්‍රහණය ලැබීය. මීට පෙර 2017 වසරේදී අන්කොනා නුවරදීම යුපුන් මෙම ඉසව්ව තත්පර 6.78 කින් අවසන් කරමින් තැබූ වාර්තාව මෙහිදී බිඳ වැටිණි. අදාළ දක්ෂතාවය 2020-21 තරගවාරයේදී මීටර් 60 සඳහා සටහන් වූ ලොව සිව්වැනි හොඳම කාලය වීම විශේෂත්වයක් විය. එම ඉසව්වෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරන විනුර ලක්මාල් තත්පර 6.86කින් එය අවසන් කරමින් 5 වැනි ස්ථානයට පත්විය. පසුගිය සැප්තැම්බර් මාසයේදී යුපුන් මීටර් 100 ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිට වූ අතර ඔහු මේ වනවිට දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයාද වේ.
 

More News..